වෙනත්

රටේ සල්ලි හොරාකාපු උදයංගගෙන් විනාඩි 45 ක්ප්‍රශ්ණ කරපු, රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු සංගා ගෙන්,පැය 09 ක්,උපුල් තරංග ගෙන් පැය 05 ක් අර්වින්ද ගෙන් පැය 04 ප්‍රශ්ණ කරපු රටක් මේක…….!!

Spread the love

මිග් යානා ගනුදෙනුවෙන් රාජපක්ෂලා ගේ ඥාති පුතෙකු වු හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඇමරිකානු ඩොලර් මිලියන 12500 ශ්‍රි ලංකා රජයට වංචා කිරීම පිලිබදව අත්වඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරතිබුනි.

ඔහු සැගව සිට ගෝඨාභය ජනාධිපති වු වහාම මෙරටට පැමිණි අතරම ඔහු අත්වඩංගුවට ගෙන අපරාධ  පරික්ෂණ දෙපාර්තමේතුවේ දි විනාඩි 45 ක පමණ කාලයක් (ආව ගිය තොරතුරු විමසීමට )  තුල දී ඔහුව ප්‍රකාශ සටහන් කොට අධිකරණයට ඉදිරිපත් කරණ ලදි. ඒ උද්යංග වීරතුංගට එල්ල වී තිබු චෝදනාව රජයේ මුදල් වංචා කිරීම නිසාය.

පසු ගිය දා මහින්දා නන්ද අළුත්ගමගේ විසින් 2011 ඉන්දියාවේ පැවති තරඟය පාවාදීම පිලිබදව අද ක්‍රිඩා අමාත්‍යංශයේ  විශේෂ විමර්ශණ ඒකකය විසින් සංගක්කාර, උපුල් තරංග , අර්වින්ද සිල්වා යන අයවලුන් කැදවා තිබුණි.

විශේෂ විමර්ෂණ ඒකකයේ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා 2011 සිද්ධිය කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රිඩාවට සිටිය යුතු ක්‍රිඩකයන් ගනනවත් නොදන්න අබ්බ -ගොබ්බයෙකි. මොහු සිදුකර ඇත්තේ උපුල් තරංග හා අර්වින්දසිල්වා,සංගක්කාරලා ගෙන්  ක්‍රිකට් ක්‍රිඩාව පිට්ටනියක්නොමතිව ඉගෙන ගැනීමයි,    සංගක්කාරල  ,මහේලජයවර්ධනලා, උපුල් තරංගලා , අර්වින්දලා කාලකන්නි දේශපාලුවන් වගේ නොවන බවවත් මේ පොලිස් අධිකාරිවරයා නොදන සිටීම  ඉතාම අවාසනාවකි.

මොහු සංගක්කාරගෙන් පුරා පැය 09  ක් එක දිගටම ප්‍රශ්ණ කරනවිට හා උපුල් තරංග ගෙන් පුරා පැය 05ක් ප්‍රශ්ණ කරනවිටත් ,අරවින්ද සිල්වා ගෙන් පුරා පැය 04 ක්, ප්‍රශ්ණ කරන විටත් ඇසු ප්‍රශ්ණ පාසැල් යන කුඩා දරුවෙකු නොවිමසනාවා ඇත.

ක්‍රිකට් ක්‍රිඩාවේදි …. “එදා ඇයි හිටි ගමන්ම ක්‍රිඩකයන් ඉන්න තැන් වලින් මාරු කරේ ඊට බලධාරින් ගේ අවසර අරන් තිබුනාද….?

යන ගොබ්බ කතා අසනවාට වඩා  මහින්දා නන්ද අළුත් ගමගේ ගේ බිරිද ගේ දිවුරුම් පෙත්සමට අනුවම මොහු මිලියන 5000ක් උපයා ඇත්තේ කෙසේදැයි ඇසුවා නම් පොලිස් අධිකාරි වීරයෙකි. ඒත් දැන් රටේ ජනතාවට් සිතෙන්නේ මුන් මහින්දා නන්දලා ගේ පාවඩ වී ඇති බවයි. එදා උදයංග වීරතුංග ලංකාවට පැමිණි විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂක කිවේ………. ” උදයංග ගේ රජයේ මුදල් වංචා සිද්ධියට රජයේ මුදල් ලෙසට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ගනන් නොගෙනෙන බවයි. …….ඒ නිසා ඇප දීමට විරුද්ධ නොවන් බව………” කිවේ පොලිස් අධිකාරි හෙළුවෙන් සිට ගෙනය.

පොලිස් නිලඇදුමක් ඇන්දත් පුරුවේ කරුමෙට මුන් කන්නේ මැදමුලන අසුජි බව ඉතා හොදින් රටේ යුක්ති ගරුක ජනයා දනි.දැන් මීළඟ විමර්ෂණයට කැදවන්නේ මහේල ජයවර්ධනය.  අගෝතු 05 වෙනිදා ඡන්දය ඇත්තේ ජනතාව අතේය .

රාජපක්ෂලා ගේ පොහොට්ටුවට නොදි වෙනත් මොකාට දුන්නත් කමක් නැතැයි කියා රටේ යුක්ති ගරුක ජනතාව දැන් තීරණය කොට හමාරය ඒ දේශපාලණයක් නිසා නොව රටේ අනාගත් ක්‍රිකට් ක්‍රිඩාව රැකීමේ අටියෙනි…..


Spread the love

Leave a Comment

You may also like