මේ වනවිට රාජපක්ෂලා ……”මඟ හිටියොත් තෝනහී…..ගෙදර ගියොත් අඹුව නහී…” යන දිට්ඨ ධම්ම වේදනීය කර්මයට හසුවී අසාමාන්‍ය භීතියකින් පෙලෙන බව සාත්තර කරුවන් නොවුනත් අපිට කිව හැක්කේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් මේ මොහොතෙත් කරන වීරෝධාර පොලිස්,හා ත්‍රිවිද හමුදා සාමාජිකයන් නිසාය, ඒ ඔවුන් රාජපක්ෂලා ගේ මේජුන්ටාවට විරුද්ධව ක්‍රියාකරන නිසාවෙනි.
දැන් ආණ්ඩුව අසුව ඇත්තේ මර උගුල් දෙකකටය, එක් මරු උගුලක් MCC ගිවිසුම අත්සන් නොකරන ලෙසට රජයට දැඩි බලපෑමක් එල්ලකරන චීනය ද, අනික් පසින් රාජපක්ෂලා බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරය හා ඇමරිකානු පුරවැසි භාවය පිලිබදව ඇති සියල්ලම රැකගෙන සිටි තමන් ගේ බිරිද දරුවන්ජීවත් වෙන්නේත් ගේ කැලිෆොනියා හා ලොස් ඇන්ජලිස් නිවාස 02 ඇති ඇමරිකාවේ ඒ දරුවන් ගේ කීමද කිසිවිට තමන්ට ඉවතලිය නොහැක්කක් වී ඇත. MCC ගිවිසුමට අත්සන් කිරීමට ද දැඩි බලපෑමක් මේ වෙනවිට පැමිණ ඇත.
ඒ නිසාම ගෝඨාභය ගේ වැඩි බරක් ඇති MCC ඇමරිකානු ගිවිසුම ස්ථිරවම අත්සන් කරන බව මේ වන විටත් ඇමරිකාවට දැනුම් දී ඇත. මේ නිසාම මීට අයත් එක් පාර්ශවයක් රාජපක්ෂලා ගේ මේ බොරු රැවටීමට දැඩි වෛරයකින් පසුවේ.
මේ බව අගමැති ඉතාම හොදින් දනි. ඒ නිසාම ඉදිරිකාලයේදී රට දැඩි අනතුරු දායක තත්වයකට පත්වෙන බව සහතිකය (විනාශයක් අතළඟ..) කියා අපි වෙනත් ලිපියකින් කියා ඇත්තේ සති කීපයකට පෙරදීය.
දැන් චීනය මේ පිටුපස සිටින් බව අගමැති ගේ කතාවෙන් ඉතාම හොදින් පැහැදිලිවේ. එසේ වීමටහේතු වුයෙත් රාජපක්ෂලා ගිනි පොලියට චිනයෙන් ණය ලබා ගෙන රට චීනෙට විකිනීම
නිසාම එවනි තත්වයක් වුවහොත් එහි වාසියත් රාජපක්ෂලා ගේ වාසියට ගැනීමට අද ජාතිය අමතා අගමැති රටට කිවේය.
අජිත්..