වෙනත්

ජනාධිපති ලේකම්ට ඉවත්වීමට ගෝඨාදැනුම දෙයි – මීළඟ ජනාධිපති ලේකම්කමත් මේජර් ජනරල් කෙනෙකුට – නෑ , ඉවත්ව යන්න එපා මහින්ද කියයි.

Spread the love

 

ජනාධිපති ලේකම් කූටප්‍රකාර පී. බී. ජයසුන්දර  දමාඇත්තේ මහින්ද රාජපක්ෂය. ඒ ගෝඨාභය ගේ සියලු සිදුවීම ඒ සැනින්ම තමාට ලබා ගැනීමේ අරමුණෙනි.

ඒත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය හා ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සමඟ හමුවේදි ඉතාම බරපතල විවේචන්යක් මහින්දට එල්ලවී ඇත. ඊට හේතු වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී නැවතත් පසු ගිය කාලයක් මුළුල්ලේම සිටි හොරු නැවතත් රාජ්‍ය බලය ලබා ගැනීම පිලිබදව දැඩි කලකිරීමක්  තිබෙන  බව කියා ඇත.

 ජනතාව දුෂිතයන් පන්නා දැමිය යුතුයැයි කියා ගෝඨාභය පත් කලත් ඒ උවමනාව මෙතෙක් ඉටු නොවීමත් ඒ පුද්ගලයන් ඉහලම තැන් වල සිටීම හරිම කණගාටුවක් යැයි පැවසීමෙන් පී.බී. ජයසුන්දරව ඉලක්ක කොට කියා ඇති බවත්  තමා විශාල ලැජ්ජහවකට පත් වු බවත් ගෝඨාභය මෙහිදි තමා ගේ විශ්වාසවන්තයිට කියා ඇත.

මේ පිලිබදව ජනාධිපති හා ඔහු ගේ ඉතාම හිතවතුන් කීපදෙනෙක් හා වියත් මගේ නාලක ගොඩ හේවා වැනි කීප දෙනෙක් සමඟ කතා කිරීමේදී වහාම .පී.බී. ඉවත් කලයුතු බවත් පී.බී. ජයසුන්දර පිලිබදව තමන්ටද කිසිදු පැහැදීමක් නැති බව දැනුම දී ඇත.

ඊට පිලියමක් ලෙසට තමාට හිතවත් මේජර් ජනරාල් කෙනෙකු වහාම පත් කර ගැනීමට ගෝඨාභය තීරණය කොට අද සවස වහාම පි.බී.ජයසුන්දරට ඉවත්වීමට දැනුම දුන්නත් මහින්ද රාජපක්ෂ දැනුම දී ඇත්තේ පී.බී.ට ඉවත්ව නොයන ලෙසටය.

ඒ අනුඅව තවදුරටත් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙසට කටයුතුකරනවා ඇත. ඒත් දැන් මෙය අළු යට ඇති ගින්දර සේ පත්තුවෙමින් ඉදිරියට යනු නැත.

විශේෂ ස්තුතිය දෙරණට

අජිත්….


Spread the love

Leave a Comment

You may also like