ස්විස්ටර්ලන්තයේ පුරවැසි බව ලබා ගෙන ගාල්ලෙන් 2015 මහාමැතිවරනයට තරඟ කල චිත්‍රපටි නිලි ගීතා කුමාරසිංහ මහත්මියට තම පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අද දින අහිමි විය.
ශ්‍රීලාංකික පුරවැසියකු වෙනත් රටක පුරවැසි බවක් ලබා තිබුනහොත් ඇය හෝ ඔහු ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරිමට හෝ එකී ඡන්ද යෙන් පාර්ලිමේතුවට පත් වුවත් තම මන්ත්‍රීධුරය දැරිමට කිසිදු අයිතියක් නැත.
13 වන ව්‍යවථාව සංශෝදනය කිරිමට අත් ඉස්සු මංත්‍රිවරුන්ට අද අභියාචනාධිකරණය එහි ප්‍රථිඵලය ඉතා හොදාකාරවම තේරුම් ගැනීමට ප්‍රායෝගිකවම පෙන්නුම් කලේ ගීතා කුමාරසිංහට තම මන්ත්‍රිකම අහිමිකිරීමෙනි.
ලංකාවේ ජනාතාව අතර මුල් බැසගෙන තිබෙන මතයක් වුයේ පාර්ලිමේන්තුවට යෑමටනම් රටේ නමක් ,ප්‍රසිද්ධියක් තිබිය යුතුබවයි. පාතාලේ සාමාජිකයකු වීම, බෝගම්බරින් හෝ වැලිකඩින් ආචාර්‍ය්‍ය උපාධියක් හෝ අඩුම තරමින් මැගසින් එකෙන් සාමාන්‍ය උපාධියක් හෝ ලබාතිබිම ඉතාම උසස් සුදුසු කමක් බවයි.
ඒත් ලංකාවේ පරිනථ හා අවංකව ජිවත් වන හා ,කැළණිය පේරාදෙණිය, ජයවර්ධනපුර,රුහුණු වැනි ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල වලින් ආචාර්ය හෝ මහාචාර්ය පදවියක් ලබාතිබිම හෝ සාමාන්‍ය උපාධියක් ලබාතිබිම රටේ පාර්ලිමේන්තුවට යාමට සුදුසු කමක් නොවනබව ලංකාවේ මන්ද බුද්ධික ඡන්ද දායකයන් සිතනු ඇත.
මේ නිසාම තවතවත් ලංකාවේ ගීතලා, පබාලා , තවතවත් එකී නොකි උන් පාර්ලිමේතුවට ජනතාව ඉදිරියෙදිත් යවනු ඇත ඒවගේම පාර්ලිමේන්තු ගොස් ජනතාවට ටික දවසකින් ඔවුන්ගේ ” හෙලුව ” පෙන්නන බවත් ජනතාවත් නොදන්නවාත නොවේ