ලංකාවේ මාධ්‍ය කලාව ගැන පම්පෝරි ගහන මාධ්‍ය ඔස්තාර්ලා රාජපක්ෂලා ගේ සල්ලි ළඟ දණින් වැඩී රටේ ජනතාවට බොරු වැපිරීමත් මාධ්‍ය කලාවදැයි කීමට අපි නොදනිමු. ඒ අපි වරද වරදක් ලෙසටත් හොද දෙයක් වීනම් එය ජනතාව වෙනුවෙන් සිදුවන යහපත් දෙයක් යැයි කීමට කිසිවිටකත් පසුනව නොවෙමු.
ලක්ෂ ගානක් මුදල් ගෙවා ලංකාවේ මෙතෙක් රාජපක්ෂ විරෝධි ලෙසට තිබු වෙබ් පිටිවක් මුළු මනින්ම හෙට සිට යාපනයේ කොටි කුලප්පු වෙන බවත් ,මඩකලපුවේ උන් දැන් හමුදාවට පොලිසියට පහර දෙනබවත් අසත්‍ය අමුලික බොරු හෙට සිට ආරම්භ වේ. එසේ කොටි නැගිටින බවට නිව්ස් ප්ලාන්ට කරන්නේ රාජපක්ෂලා ගෙන් සල්ලි ලැබෙන නිසාය.
යාපනේ දී නාවික හමුදාවට ගල් ගැසු බවට පුද්ගලයන් දෙදෙනෙකු අත්වඩංගුවට ගෙන ඇත. මේ වන විට ඔවුන් රක්ෂිත භාරයට පත් කර ඇත. ඒත් යාපනයේ හෝ මඩකලපුවේ වෙනත් කිසිදු සිදුවිමක් වාර්තාවී නැත.
මේ ආකාරයට මෙම වෙබ් පිටුව මෙසේ සිදුකරන්නේ ගෝඨාභයගේ හෙළුව ජනතාව දැක දැන් හු කියන නිසාවෙනි.
කොටින්ට මුවා වී රාජපක්ෂලා වසර ගනනාවක් මේ රට මංකොල්ලකා තිබෙන නිසා මෙවර මහාමැතිවරණයට නැවත යාපනයේ කොටි නැගිටීම විකිණීමට සුදානම් වීමක ආරම්භයයි ඒ නිසා අපි රටේ ජනතාවට ඉතාම අවධාරනයෙන් කියා සිටින්නේ එවනි කොටි නැගිටින්න යාපනයේ හෝ රටේ කිසිම තැනක කොටි නැති නිසාය රටේ ඇත්තේ ගෝඨාභය ගේ හමුදා ජුන්ටාවයි.