විශේෂ විමර්ශණයක් ඇති බවට කියමින් හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා ගේ ලැප්ටොප් පරිඝණකය භාර ගෙන තිබී ඇත්තේ අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවටය.
මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේඅධ්‍යක්ෂකව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරතන භාරයේ තිබී ඇත. ඒත් තිලකරත්න ගෙන්ද එම වකවානුවේ මෙම පරිඝණකය රාජ්‍ය බුද්ධි සේව යේ අධ්‍යක්ෂක මේර්ජ ජනරාල් සලේට භාර දීමට නියෝජ්‍ය පොලිස්පති වෙදිසිංහ නියෝග කොට ඇත.
ඒත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂක තිලකරතන නියෝජ්‍ය පොලිස්පති වෙදිසිංහට කියා ඇත්තේ, එසේ තම ආයතනයට භාරගත් භාණ්ඩයක් තවත් අයෙකුට කිසිසේත් භාරදීමට තමා බැදී නොමති බවයි. ඒ නිසා මංගල සමරවීර මහතා ගේ ලැප්ටොප් පරිඝණකය රාජ්‍ය බුද්ධි අංශයට භාරදීම ප්‍රතික්ෂේප කොට ඇත.
හිටපු අධ්‍යක්ෂක තිලකරත්න වසර ගනනාවක්ම මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙසට සිට නමුත් අපරාධ පරික්ෂ දෙපාර්තමේතුව තුල කිසිදු නිති විරෝධි දෙයක් සිදු නොවිය යුතු බව සියළුම නිලධාරින්ට දැනුම් දීම අගේ කලයුතු දෙයකි. ඒත්අධ්‍යක්ෂකව ප්‍රතික්ෂේප හිටපු අධ්‍යක්ෂක ඔහුට එම තනතුරේ වැඩි දිනක් රාජකාරි කිරීමට ඉඩනොදී වහාම රාජපක්ෂලා ගේ නිති විරෝධි ඉටුකරවීමට හැකි අධ්‍යක්ෂක වරයකු ලෙසට ගෙන්වා ගෙන ඇත.
ඒ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ය .ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් ජයකි අල්විස් ගේ සොහොයුරාය. වනවිට සමස්ථ පොලිස් දෙපාර්තමේතුවේම අසුජි තවරන කාලකන්නියකු වී ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වෙදසිංහ නැමති නිලධාරියාය.
මංගල සමරවීර මහතා ගේ ලැප්ටොප් පරිඝණකය රාජ්‍ය බුද්ධි සේව යේ අධ්‍යක්ෂක මේර්ජ ජනරාල් සලේට ගෙන යාම පිටුපස ඇත්තේ විශාල කුමන්ත්‍රණයකි. මේ සියල්ලම පිටු පස සිටින්නේ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි වාකිස්ටය. ඔහු පිලිබදව අපි ඉතාම ඉක්මනින් ඉතාම භිසුණු තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.
සලේ ගේ මීළඟ වෑයම කුමක් දැයි අපි ජනතාව වෙනුවෙන් දැඩි අවධානයෙන්සිටින බවත් සලේට සිහිගන්වමු.