උණුසුම් පුවත්

වෛද්‍යවරුන් ගේ හිගය 3500 ක් ඒත් විදේශ වෛද්‍ය උපාධියක් ගෙන ලංකාවට පැමිණ වසර ගනනක් ගියත් වෛද්‍ය සභාව පරීක්ෂණය නොතියන් ඇයි…….?

Spread the love

ලංකාව පුරමා වෛද්‍යවරුන් ගෙරි හිඟය අති මහත්ය .එය දැනෙන්නේ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයට නොව එහි අවසාන ප්‍රතිඵලය ජීවිත යෙන් වන්දි ගෙවන්නේ ඈත එපිට අහිංසක ගම්මනවල දුප්පත් ගැමියන්න.

ඒත් මේ වනවිට එංගලන්තය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,කැනඩාව ,චීනය ,වැනි රටවල්වලින් ලාංකිය දරුවන් වෛද්‍ය උපාධිය නිමකොට පැමිණ වසර ගනන් සිටියත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සාමාජිකයන් ගේ ඇති කුහකත්වය නිසාම රටේ ජනතාව ගෙන් පලිගැනිමට ඒ දරුවන්ට ලබාදිය යුතු සිමාවාසික පුහුණව හා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම දිනෙන් දිනම කල් මැරීම ඉතාම නින්දිතය.

මෙයින් සිදුවන්නේ රටේ දරුවන් ගේ බුද්ධිගලනය වීමකි . ඔවුන්ට ශ්‍රි ලංකාව එපාකරවීමකි. පාලක්යන් ගේ අවශ්‍යතාවය රටේ ජනතාවට යහපත් සෞඛ්‍ය තත්වයක් ලබාදීමට නම් කලයුත්තේ මේ සදහා නිසි ක්‍රමවේදයක් ඉක්මනින්ම සැකසීමය.

ඊට කල්නොමරා හැකි ඉක්මනින් විදේශිය උපාධිගත් සියලුම දෙනා වහාම ලියාපදිංචි කොට ඔවුනට ලංකාවේ වෛද්‍ය වෘතියට ඇතුළු වීමට ඉඩ ලබා දිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like