උණුසුම් පුවත් දේශපාලන

සහල් නිෂ්පාදනයත් චීනෙට……..මහා පරිමාණ සහල් මොල් ඇති කිරීම සඳහා චීනේ සමග සාකච්ඡා…………!!

Spread the love

 දේශීය ව්‍යාපාරිකයා නගාසිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළ යුතු යැයි ජනතාව තුලට ගෙන ගිය පොහොට්ටු පාක්ෂිකයින් අද නිරුත්තර වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ ක්‍රියාකලාපය නිසාය.

මේ වන විට සහල් මාෆියාවක් රට පුරාම දියත් වෙමින් ඇතැයි යන්න අමුතුවෙන් කිවයුතු නොවේ ඒත් ඊට විසඳුමක් වශයෙන් රාජ්‍ය යාන්ත්‍රනයක් මැදිහත් වී රටේ වී ගබඩාවල ඇති වී ඇටයක් ගානේ අපි ළඟ සංඛ්‍යාලේඛන තියෙනවා යැයි  බ්‍රිගේඩියර්වරයෙකු පම්පෝරි ගැසුවත් ,එය අමුලික් බොරුවක් බව රටට හෙලි වුයේ ඩඩ්ලි ගේ මෝලට හමුදාව පාරිභෝගික අධිකාරියේ සමඟ ගිය දාය.

  මීට විසඳුමක් වශයෙන් රාජපක්ෂලා සියල්ලටම දණ නමස්කාර කරන චීනය රැගෙන ඒමට දැන් සියලු පිඹුරුපත් සකසමින් ඇත. චීනය සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම් අනුව මේ වන විට හම්බන්තොට ප්‍රදේශයේ චීනය සතු අක්කර 15000 ආසන්න ප්‍රමාණයක කුඹුරු වගා කොට ඒ තුළින් සහල් මෝල් ඇති කිරීමට චීනය සමග මේ වෙන විට සියලු සාකච්ඡා පවත්වමින් ඇත.

මෙයින් සිදු වන්නේ දේශීය ව්‍යාපාරිකයා සහමුලින්ම විනාශකර දමා චීන සහල් නිෂ්පාදකයින් මෙරට ඇති කිරීමයි.  එක් පැත්තකින් සහල් මෝල් ඇතිකොට සහල් මිළ පහලටදැමීමට වඩා රට තව තවත් චීන මර උගුලේ සිරකිරීමකි.

එයින් සිදුවන්නේ කිසිවෙකු නොසිතන  චීන කොලනියක් බවට පත් කිරීමයි මේ තුළින් රාජපක්ෂලාට ලැබෙන ගතමනාව ගැන ඔවුන් සිතනවා මිස අනාගත පරම්පරාවට චීනයේ අණසක යටතේ ජීවත් වීමට  සිදු වනවා දැයි කිසිවෙක් කථා කරන්නේ නැත.

මෙය ඉතාමත්ම අනතුරුදායක සහ විනාශකාරී සිද්ධියක් බව දිනෙන් දිනම ලෝකයට ඔප්පු කර ඇත්තේ චීනයමය මේ වන විට හොංකොං වලට දී ඇති නිදහස සහමුලින්ම මකා දැමීමට කටයුතු කිරීම නිසා ලෝකයේ බලවත් රාජ්‍යයන් සියල්ලම චීනයට අනතුරු අඟවා ඇත.

ඉතා ඉක්මනින් ගැටුමකට යාමේ පෙරනිමිති මේවන විට පහළ වෙමින් ඇත. මෙම සහල් මෝල් ඇති කිරීමෙන් සිදු වන්නේ යම් හෙයකින් චීනය සමග ගැටුමක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව ද විනාශය කරා යෑම ය .

චීන සහල් මෝල් ඇතිකිරීමේ අනෙකුත් විනාශය නම් සම්පූර්ණ ගොවියන් සහල් මෝල් හිමිකරුවන් සියලු දෙනා පැමිණෙන්නේ චීනයෙන් එවිට දැනට ශ්‍රී ලංකාවේ සිටින  06 ලක්ශයකට පමණ ආසන්න චීන්නු ලක්ෂ 10 ක් ඉක්මවා යනු. ඇතැයි බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහසයි .

මේ වහාම නවතා දැමිය යුතු යෝජනාවක් බව අප ජනතාව වෙනුවෙන් රජයට බල කර කියා සිටිමු.

ලසිනි 029


Spread the love

Leave a Comment

You may also like