උණුසුම් පුවත්

ගෝඨා කටුණායක රොෂාන් චානක මරාදමා වසර 09 යි. මිනිමරුවන් ජනාධිපති කරන ලෝකයේ අමුතු ඇටේ රට………………ලංකාවේ එහෙම උනාට ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ.

Spread the love

2011 ජුනි මස  03  අද වැනි දිනක මධ්‍යයේ පැවති කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තම සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රොෂාන් චානකට වෙඩිතබා මරාදමා අදට වසර 09 කි.

එසේ වෙඩිතැබීමට අණ කල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හා හිටපු පොලිස්පති මහින්දබාලසුරිය අද ඉතා සුවසේ ජීවත් වේ එවනි මිනිමරුවෙකු රටේ ජනාධිපති බවට පත් කිරීමට තරන් ශ්‍රි ලංකීය ජාතිය නින්දිතය . එවනි මිනිමරුවන්ට  දණ නමස්කාර කරන එකම රට   ශ්‍රී ලංකාවයි.

ගාමිණි ලොකු ගේ එවකට කම්කරු ඇමතිය ඔහු ගෙනා සේවක අරථ සාධක කප්පාදුව නිසා රට පුරාම සේවකයන් ගේ උද්ගෝෂණ පැවැත්විය. ඊට පොලිසිය හා හමුදාව යොදවා ගෝඨාභය අමානුෂික ලෙසට පහර දුනි.

   අමානුෂික ලෙස වද දෙමින් පොලිසිය සහ දිගින් දිගටම උද්ඝෝෂණකරුවන් අතර ගැටුමක් හටගෙන තිබුණි. මේ අවස්ථාවේදී එක්වරම එවකට පොලිස්පති සිටි මහින්ද බාලසූරියට ගෝඨාභය රාජපක්ෂ කතා කොට කියා ඇත්තේ…….   “මට වැඩක් නෑ දහයක් පහලොවක් මැරුනත් තමුසේ පැය 2 ක් ඇතුලත ඔක නවත්තනවා කියනවා ඔයි ඔවුන්ට වෙඩිතියන කියලා….”   එහිදී ක්‍රියාත්මක වූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන විසින්  උද්ඝෝෂකයින්ට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත .

 බාලසූරිය පොලිස්පතිවරයාගේ නියෝගය අනුගමනය කරමින්  ඒවකට ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන උද්ඝෝෂණ වෙඩි තැබීමට  නිලධාරීන්ට නියෝග කර ඇත .ඒ අනුව එම නිලධාරීන් වෙඩි තැබූ අවස්ථාවේ දී  ඒ වන විට වයස අවුරුදු 21 ක් වුරොෂාන් චානක වෙඩි වැදී බරපතල තුවාල ලබා මිය ගියේය .

 වසර නවයකට පසුව රටේ ජනතාව ඒ සියල්ල අමතක කොට මිනීමරුවෙකු රටේ රාජ්‍ය නායකයා බවට පත් කිරීමට තරම් නින්දිත වූවා නම් මෙවැනි රටක් පිළිබඳව රටක අනාගතය දැක්මක් පිළිබඳව කවර නම් කතා දැයි සිතේ ………….?

  මිනිමැරුම් සියල්ලටම අණ කල ගෝඨා රටේ ජනාධිපති කිරීමට තරන් ලාංකීය ජනතාව ගෝත්‍රිය තිරිසනුන් වී ඇති බැව් සටහන් නොකරම බැරිය .

ඒත් ඉතාම ප්‍රභලම රට වු ඇමරිකාවේ එක් පොලිස් නිලධාරියකු George Floyld නැමති අයෙකු ගේ බෙල්ල දණහිසෙන් තද  කොට මිය යාමටකිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබුන අතරම ඒ පොලිස් නිලධාරියා අත්වඩංගුවට ගෙන මිනිමැරුම් චොදනාවට සිරගත් කලත්,

මේ වෙන විට සමස්ථ ඇමරිකාවම ගිනිගනිමින් ඇත. ඒත් ලංකීය ජනතාව මිනිමැරුම් ගනනාවක්ම කල අයෙක් රටේ රාජ්‍ය නායක යෙකු කොට ඇත.

අපිට ජනතාවට කීමට ඇත්තේ……… ” තල වපුරා වී බලා පොරොත්තු නොවෙන ලෙසත් ඉදිරිපාර්ලිමේතු මැතිවරනයෙන් පසුව අස්වෙනු ඔබට නෙලා ගත හැකි බවනම් සහතිකවම කිව හැකිය.

අජිත්..

 


Spread the love

Leave a Comment

You may also like