මේ මහපොලව නුහුලන අපරාධයක් කරමින් කාලකන්නි රාජපක්ෂ පාලන කාලයේ 2009 වසරේදි වයස අවුරුදු 11 ත් 17 අතර සිංහල ,දෙමළ ,මුස්ලිම් ළමයින් කොම්පන්ඥ වීදිය ප්‍රදේශයේ සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගෙන ගොස් කප්පන් ඉල්ලා නොදීම නිසා මරා දමන ලද බවට මේ වන විට කොළඔ මහාධිකරණයේ විභාගවෙන නඩුවේ අද්මිරාල ඔෆ් ෆීඩ් වසන්ත කරන්නාගොඩ චුදිතයෙකි.
දෙමාපියන් ගෙන් ලක්ෂ 50 ක කප්පම් ඉල්ලා සිටියදී නොදීම නිසා ඒ අහිංසක දරුවන් මරා මුහුදට දැමු පාහර පාපතරයන් රටක රාජ්‍ය උත්සවයක්ට ආරාධන කොට එවනි මිනිමරුවෙකුට ආචාර සමාචාර කරන් තුප්පැහි ජාතියක් බවට ශ්‍රි ලාංකික ප්‍රෞඩ ජාතිය පත් වුවාද….?
අදටත් ඒ අහින්සක දෙමාපියන් තම දරුවා ගේ පාසැල් නිල ඇදුම ඉබිමින් ජීවිතය ගෙවන්නේ මැරි මැරී නොවේද…?
මෙවන් ජාතියකට ,මෙවන් මිනිමරුවන්ට දඩුවම් නොදෙන එකම කාලකන්නිය පාලකයන්සිටින උන්ටම ආවේනික වහළුන් සිටින රටක් බවට ලෝකය අද හදුනා ගෙන අවසන්ය. අඩුම ඒ වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීම පැත්තක තබා මෛත්‍රිපාල නැමති කාලකන්නි ජනාධිපති ඒවනි මිනිමරුවෙක් අද්මිරාල ඔෆ් ෆීඩ් කරේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට පහර ගැසීමටය.
ගෝඨාභය නැමති අංක එකේ මිනිමරුවා දැන් තමා ගේ ළඟට ගෙන ඉන්නේ ඒවනි මිනිමරුවන්ය වසන්ත කරන්නාගොඩලා තවත් ඉදිරියේදී සුදුවැන් නැතුව වෙනත් අති නවීන ක්‍රම වලට විරුද්ධ වාදීන් මරාදැමීමට කුමන්ත්‍රණය නොකර සිටීවියැයි කිව හැක්කේ කාටද…….?.
මොහුට දණ්ඩ නිති සංග්‍රහයේ 199 හා 200 වගන්ති යටතේ මේවනවිට නඩු පවරා ඇති අතරම කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂකයා ද මේ වනවිට සිරගතව ඇත.
නිති ගරුක ජනතාවට ඇත්තේ ලෝක පාලන දෙවියන්ගෙන් මුන්ට හෙන ඉල්ලිම මිස යුක්තිය ඉල්ලීම නම් නොවේ.
අජිත්..