මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල්වල කොරෝනා රෝගින් සිටින බව සෑම විටම අපි වාර්තා කලෙමු.මේ වන විට නාවික හමුදා වැලිසර කදවුර තුළ පමණක් සමස්ත කොරෝනා ආසාදිත (positive) සංඛ්‍යාව සීයකට වඩා වැඩි බව අප වෙත ලැබුණු තොරතුරු අනුව තහවුරු වී ඇත.
ඊට අමතරව මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර තුළ පමණක් 4000 ට ආසන්න නිරෝධායනය වෙමින් ඒ අයගේ PCR පරීක්ෂණ කිරීමේදී සමහර අය positive වු අවස්ථාවන් නැතිවාම නොවේ.
එහෙත් තවත් සමහර නිරෝධාන වී අවසන් වූ අයගේ පරීක්ෂණ නැවත PCR පරීක්ෂා කිරීමේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත (positive) වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව අනිල් ජාසිංහ මහතා ජනතාවට ප්‍රකාශ කරන්නේද………?
එසේ නම් එවැනි තත්ත්වයක් රට තුළ පවතිද්දී වෛද්‍ය අනිල් ජාසිංහ පමණක් මැතිවරණය තැබිය හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දිය හැක්කේ කුමන සාධක සහ පදනමක් මත ද……?වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂඥ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව කිසිදු සුදුසුකමක් ලද්දකු නොවෙයි.
ඒ සඳහා සුදුකම් ලද වෛද්‍යවරුන් අතරින් විශේෂ වෛද්‍ය පබා පලිහවඩන වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි එහෙත් ඇය නිර්භීතව ප්‍රකාශ කර සිටින්නේ කිසිසේත්ම රට සම්පූර්ණයෙන්ම ඇර දමා මෙය මැතිවරණය පැවැත්විය හැකි යැයි කිසිවිටෙකත් ඇය නිර්දේශ නොකරන බවයි.
රජයේ සෞඛ්‍ය ජනරාල් වු පලියට ඊට අදාල සුදුසු කම් ඇති අයවලුන් ගේ නිර්දේශ නැතිව රටත් ජනතාවත් පමණක් නොව රටේ උත්තරීතර අධිකරණයපවා නොමග යවන වාර්තා ලබාදිය හැකිද….? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ පලියට සමස්ත ජනතාව බිල්ලට දී අධිකරණය නොමඟ යවන සුළු ප්‍රකාශයක් ලබා දීම ඔහුගේ වෛද්‍ය වෘත්තියට කරන ලද මහත් නිගාවකි.
මේ නිසා අනිල් ජාසිංහ මහතා ට අපි කියා සිටින්නේ ඔබ කියන ආකාරයේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ලංකාවේ ඇතැයි ඔබ සිතනවා නම් කිසිදු රෝගී නැති බව ඔබ සනාථ කරනවා නම් අප සතුව ඇති සාක්ෂි අනුව මේ වන විට අද පටන් දිනපතාම ඉදිරියට කොරෝනා රෝගීන් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බවත් මේ සියල්ල ඔබ සිදු කරන්නේ රාජපක්ෂ රෙජිමයේ හමුදා ජුන්ටාවට ඔබගේ වෙව්ලන දෙපා නිසාදැයි අපි ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.
ඔබට දැන් ඇති අභියෝගය ඔබ වහාම ජනතාවට ඉදිරියට පැමිණ ප්‍රකාශයක් කළ යුතුයි මෙය ඔබ ඔබගේ දැනුවත්ව ඔබගේ සෞඛ්‍ය පළපුරුද්දෙන්ම ඔබ කීවා ද නොඑසේනම් කිසියම් පරිපාලනමය කටයුත්තක් සඳහා ඔබ මේ කීවා ද යන්න ජනතාවට වහාම ප්‍රකාශ කිරීම ඔබගේ වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ඔබ ජනතාවට කරන ලබන මහත් සේවාවක්.
ඔබ අපේ අභියෝගය භාර ගෙන රට විවෘත කිරීමට ඔබ සූදානම් කොරෝනා රෝගියෙක් නැති බව ඔබ පවසන්නේ නම් අප ඔබ කියන ඕනෑම කොන්දේසියකට යටත් වීමට ද අපි කිසිවිටෙකත් පසු බට නොවෙන බව ඉතා වගකීමේ සටහන් කරමු.
අජිත්..