ශ්‍රි ලංකාවේ අභිමානය ඇත්තේ ලෝක සංවිධාන වල තමාට ඇති ඉඩ හා ප්‍රමානය අනුව බව පාසැල් අවදියේ දී ඉගෙන ගන්නා දෙයකි. එක්සත් ජාතින් ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට නොහැකිව ලෝකයේ කොතෙකුත් රටවල් නැතුවා නොවේ. ලෝකයේ දැනට ඇති රටවල් 195 අතරින් එ.ජා.ස සාමාජිකත්වය ලබා ඇත්තේ ඉන් රටවල් 193 කි. ඒ අතර ශ්‍රි ලංකාව ද ඇතුලත්ව තිබීම පිලිබදව රටේ සෑම පුරවැසියකුම ආඩම්බර විය හැකිය.
ඒත් ගෝඨාභය වැනි කාලකන්නියන් සිතන්නේ ලෝක සංවිධාන නැතත් චීන ගේ සල්ලියි ගජබා රෙජමෙන්තුවයි යනු සමස්ථ ලෝකයම බවයි. ඇත්තෙන්ම ඉතාම අවාසනාවන්තම සිද්ධිය අඩුම තරමින් අයියා ජනාධිපතිව සිටියදී වත් මොනතරන් බාධක් පැමිණියත් මහින්ද රාජපක්ෂ හමුදා මාන්නය පෙන්වා ලෝක සංවිධාන වලට තග දැමීමට නොගියේ මහින්ද දන්න දේනම් ලෝක සංවිධාන වලින් තොරව රටක් පාලනය නොහැකි .
නමුත් හරක් පට්ටියක් නම් කෙවිටක් දී පාලනය කල හැකි බවකි. මැදමුලන් වලව්ව සම්බන්දව ගෝඨා කුමක් කිවත් අපිට ගැටලුවක් නැත. ඒත් රට වැටී ඉන්න ආගාධය දන්නේ මන්ද බුද්ධික ගෝඨා නොව බුද්ධිමත් ජනතාවයි. අපේ රටේ ඇගළුම් 75% මිලට ගන්නේ ඇමරිකාව ඇගළුම් සහන කෝටාව දී ඇත්තේ යුරෝපා සංගමයයි.
මේ වගෙන් රටේ අහිංසක දරුපවුල් ජිවත්වෙන බව වත් මේ උන්මත්තකයා දන්නවාදැයි අපිට ප්‍රශ්ණයකි. ඇත්තෙන්ම දැන් විපක්ෂය ගම්මට්ටමේ,බිම්මට්ටමේ..තම්මැට්ටමේ දේවල් වලට පෙර සමසථ විපක්ෂයම ඒකට එක්ව මේ මානසික ලෙඩා ගෙන් රට බේරා ගත් යුතුය.
මොහු සිදු කරන්නේ රටට අනාගතයට විශාල අනතුරක් බව ඉතාම පැහැදිලිය . ඉතාම ඉක්මනින් යුරෝපා රටවල් චීනය සමඟ දැඩි ආරවුලකට යන බව සහතිකය එය දැනටම ආරම්භ කර ඇති බව අපි ඉතාම හොදින් අධ්‍යනය කරමින් සිටින නිසාම දනිමු. එය සමහර විටක් 03 වන ලෝක යුද්ධය වීමට බැරිත් නැත.
එවන් මොහොතක අපි සිටිය යුත්තේ “නොබැදි පිලිවෙතකය ” නැත්තන් කලයුත්තේ ගෝඨා හා ඔහු ගේ ගජබාව යුද්දෙට දැක්කීමය.
චීනේ සල්ලි නිසා උන් වෙනුවෙන් චන්ඩියා වීමට ගොස් රටත් රටේ ජාතියත් විනාශ කර රාජපක්ෂලාත් ඉතාම ඉක්මනින් විනාශ මුඛයට තල්ලුවෙවී යන බව නම් අපිට දැනේ
අජිත්….