උණුසුම් පුවත්

වැලිසර නවික හමුදා කදවුර තුළ නිරෝධායන වෙමින් සිටි සෙබළුන් 27 දෙනෙකුට කොරෝනා ආසාධනය   (positive ) වී ඇතිබව වාර්තාවේ…….!!

Spread the love

 මේ වන විට ලංකා නාවික හමුදාව නිරෝධයන මධ්‍යස්ථාන වශයෙන් තර්ස්ටන් විද්‍යාලය රෝයල් විද්‍යාලය සහ වැලිසර නාවික කදවුර තුළ පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථානවලින් මේවනවිට විසිහත් දෙනකු  (27 )කොරෝනා   (positive) ආසාධිතයන්   වශයෙන් හමු වී ඇත.

 PCR පරීක්ෂණය පළමු වතාවට සිදු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමේදී එම පරීක්ෂණයේදී පළවෙනි වටයේදී  ආසාධනය ( positive )වී නොතිබී ඇත.

 නාවික සෙබලුන් විශාල පිරිසක් අද වන විට ඔවුන්ගේ  ආසාධිත  ( positive )   බව පෙන්නුම් කිරීම හේතුකොට ගෙන නැවත වතාවක් ඔවුන්ගේ  PCR  පරීක්ෂණයක් සිදුකළ සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමදෝරු ඉසුරු සුරිය බංඩාර පවසා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ දෙදෙනෙක්  (02 ) පමණක් එම පරීක්ෂණයෙන් ආසාධනය (positive) වී ඇති බවයි.එහෙත් නාවික හමුදා ප්‍රකාශක පවසන දේ අපි එක හෙලාම ප්‍රතික්ෂේප කරනුයේ රටේ ජනතාවට සත්‍ය තොරතුරු වසන් කිරීම නිසා ජනතාව විශාල නොසැල කිල්ලක් දක්වන් බැවිනි. 

මුළුමනින්ම අප ප්‍රතික්ෂේප කර සිටින්නේ මේ වන විට නාවික කඳවුරේ සත්‍ය තොරතුරු අප වෙත ලැබී ඇති නිසාය. මේ වන විට නාවික හමුදාව තුළ පරීක්ෂණ සඳහා යොමු කරන්නේ එම  ආසාධනය (positive)  පළමු වතාවේ ආසාධිතයන් බවට වාර්තා නොව්  පුද්ගලයන්ය.

එවැනි අසාධ්‍ය තත්වයන් වල සිටියදී යුද මානසිකත්වයෙන් පෙලෙන ගෝඨාභය රජය හෙට දින එනම්  (19 ) වන දින යුද සැමරුම පැවැත්වීම සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව, සහ යුධ හමුදාව පොලිසිය කැඳවා ඇති අතර මෙය රට තුළ නැවතත් යුද සහ ජාතිවාදී මානසිකත්වයක් නිර්මාණය කරමින් රාජපක්ෂලාගේ මෙම බල තණ්හාවට ජනතාව බිල්ලට  දී ජාතිවාදය තුලින්ම සිංහලයන්ව චුන් කොට රටේ ප්‍රශ්ණ අමතක කරවීමකි. 

ඉන් සිදුවන්නේ නාවික සෙබළුන් එහා මෙහා යාම තුලින්  ජනතාව අතරට නැවත වරක් රෝගය පැතිර යාමකි.  රාජපක්ෂ ආණ්ඩුව පෙන්වීමට උත්සාහ කරනු ලබන්නේ ජුනි (20 ) විසි වන දිනවන  විට මැතිවරණය තැබීමට සුදුසු සාමාන්‍ය වටපිටාවක් ගොඩනැගී ඇති බව ලොවට සහ රටේ ජනතාවට පෙන්වීමටය.

 දෙවන වටයේ කොරෝනා  රෝගීන් දිගින් , දිගටම හමුවීම ඔවුන් සඟවා සිටීම හේතුවෙන් අසාධ්‍ය නොවූ  පුද්ගලයින්ට පවා රෝග වැළඳීමේ හැකියාවක් ඇතැයි සෞඛ්‍ය අංශවල මතයයි.

07/25


Spread the love

Leave a Comment

You may also like