උණුසුම් පුවත්

මහා මිනිස් ජාවාරමක්………. කකුලකුත් කපා අසරණව රෝහලේ තානාපතිලා බුදි……!!

Spread the love

නො: 45/14 “කළණි ගංගා” මෝල පාර, හාලිවත්ත ලිපිනයේ පදිංචි ජෙනී ප්‍රනාන්දු නම් ශ්‍රී ලාංකික කාන්තාව ඩුබායි සර්ජා මේ වන විට අල් ක්වස්මියා රෝහලේ නොම්මර 8 ඒ (A) කාන්තා වාට්ටුවේ ඉතා දුක්ඛිත ලෙස පාදයෙන් කොටසක් අහිමිව සිටින ඇයගේ ස්වාමි පුර්ෂයාගේ නම ස්ටැන්ලි හා දියණිය විජයන්ති ලෙස අපට වාර්ථා වී ඇත…

කණගාටුවට කරුණ නම් ඉහත සදහන් ඇය සංචාරක වීසා මත ලංකාවේ  ගෘහ සේවා ඒජන්ත ආයතනයක් හරහා අජ්මාන් හි  (falton) හෝටලය ආසන්නව පිහිටා ඇති අල් අමානියා නම් (වාර්ථා වූ ලෙස නාමයන්ගේ වරදක් තිබිය හැක ) එරට ඒජන්ත ආයතනයක ඒජන්තවරිය වන “රුවනි’ නම් කාන්තාව විසින් ගෙන්වා ඇත.

ඇය ගේ හාම්පුතා නවාස් නැමැත්තකු වන අතර ශ්‍රීලාංකික රුවනි නම් කාන්තාව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය රෙදිපිළි සියල්ල තම සන්තකයට ගෙන ඇති අතර සිදුවූ අනතුර යතා තත්වයට පත් කල නොහැකි ලෙස මේ වනවිට තම පාදය ද අහිමිව සිටී. තම පාදය අහිමිව ඇතත් කිසිදු වන්දි මුදලක් ලබානොදීමට ඊට අතරමැදි තවත් ශ්‍රි ලාංකික තිරිසන් කතක් වු “රුවණී ” මැදිහත්ව ඇත  .

  ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික එකමුතුව වෙනුවෙන් මිලානෝ හි අජිත් කුමාර මහතාගේ මැදිහත්වීම මත ලංකාදවස  පුවත් පතේ සහයද සමග  අපේම ශ්‍රීලාංකික කතක් විසින් තව තවත් අන්ත අසරණ කිරීමට එරෙහිව  අපේ මූලික මාධ්‍ය වගකීම ඉටුකිරීමට ඉතා වගකීමෙන් ඉදිරිපත් වන අතර ඇයගේ ලංකාවේ වෙසෙන පවුලේ සාමාජිකයකු වහාම ලංකාදවස හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමු.

මට්ටකුලිය පොලීසියට අදාල තොරතුරු  ලබා දුන්නද තවම ඒ පිලිබඳ සතුටුදායක පිලිතුරක් අපවෙත මේ මොහොත වන විටත් ලැබී නැති බවත් වගකිව යුතු සමාජ මාධ්‍ය තම වෘතීය හා මානුෂීය වගකීම පැහැර හැරි මොහොතක ලංකදවස  පුවත් පතේ මැදිහත් වීමට දේශගත ශ්‍රී ලාංකික එකමුතුවේ ස්තුතියද පලකල අතර වගකිව යුතු මාධ්‍ය කරණයක සැබෑ උවමනාව වෙනුවෙන්  කොන්දේසි විරහිතව අපක්ෂපාතීව පෙනීසිටින බව පසක් කරමු.

සුමුදු මද්දුමආරච්චි
මිලානෝ


Spread the love

Leave a Comment

You may also like