උණුසුම් පුවත්

එදා……… අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් සැකකරුවන් දැන්වත් අල්ලමුද…….!!

Spread the love

2012 ඔක්තෝබර් මස 7 වන දින ශාන්ත තෝමස් විද්‍යාලයේ තම පුතා පැමිණෙන පැමිණෙනතුරු හෝටල් පාරේ නතර කරගෙන සිටි  රථය තුළ සිටි පුද්ගලයා වන්නේ අධිකරණ සේවා කමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාය.

අතේ පිස්තෝලරැගෙන පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් මොහුට නොනවත්වා පහර දී පළා ගියේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකර දැයි දැන් අපිට ප්‍රශ්නයක් ඇත.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙසත් ආරක්ෂක ලේකම් වශයෙන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන අවදියක වීම ඉතාම අවාසනාවන්ත තත්වයකි .

එදා ආරක්ෂක ලේකම් වශයෙන්  ඇමෙරිකාවේ දී  එම අධිකරණයට ඔහු ලිඛිතව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කාලය තුළ කරන ලද කිසිවකට කිසිදු වගකීමක් නැති බවයි ඇමරිකාවේ අධිකරණය නොදන්නා දේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ වැඩිමල් සහෝදරයකු බවයි.

2012 ඔක්තෝබර් මස 07  දින මංජුල තිලකරත්න මහතා උදෑසන 8.30 -0900 අතර කාලයේ දී ගල්කිස්ස පොලිස් වසමේ දී අසාමාන්‍ය පුද්ගලයින් කණ්ඩායමක් පැමිණ පහර දුන්නේ එදා සුවිශේෂ වූ කරුණක්මුල් කොට ගෙනටය.

රට තුළ ආන්දෝලනයට පත් වෙමින්  තිබූ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුර දැරූ ශ්‍රේෂ්ඨාධිකරණයේ  ප්‍රථම  අග්‍රවිනිශ්චයකාරවරිය ලෙසට ඉතිහාසයට එක් වූ ශිරානි බණ්ඩාරනායක මහත්මිය කිසිදු පිළිගත හැකි සාධාරණ මූලධර්මය කින් තොරව එළවා දැමීමේ රාජපක්ෂ ජුන්ටාවේ එක් අතක් දිගුව  තිබුණේ එදා මංජුල තිලකරත්න මහතාටවිය.

ඒ වන විට මංජුල තිලකරත්න මහතා ඉතාමත් ම ප්‍රශංසනීය කටයුත්තක් සිදුකරමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරය හෙබ වීම එදා සමස්ත ජනතාවම ඔහුව අගය කළ කාර්යකි එදා ඔහු අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් සිටිමින් තම අධිකරණයට එල්ලවී ඇති රාජපක්ෂ ජුන්ටාව තමාට හැකි පමණ විදිහට මැඩ පවත්වමින් අධිකරණයේ ස්වාධීනත්වය ස්වෛරීත්වය රැක ගැනීමට ඔවුන් දිවිහිමියෙන් කටයුතු කරන බව ජනතාවගේ හදවත් වලට දැනුනේ එදා පිස්තෝල රැගෙන පැමිණි ගෝඨාභයගේ ආණ්ඩුවේ මැරයින් ගේ පහරදීම් වලින් රෝහල් ගතවන වනවිටය.

දෛවයේ සරදමකිනදෝ ………එදා එසේ රාජ්‍ය ත්‍රස්තවාදය රාජ්‍ය මැර බලය ඉදිරියේ නිවටෙකු නොවූ මංජුල තිලකරත්න මහතා අද කොළඹ මහාධිකරණය විනිශ්චයකාරවරයෙකු වශයෙන් තම කටයුතු  සිදුකරන අතර ඔබතුමා සමස්ත සමාජයට සහ ගෝඨාභය රාජපක්ෂගේ  නීති විරෝධී කටයුතු වලින් ජනතාව රැක ගැනීම වෙනුවෙන් ඔබතුමාට දැන් කළ හැක්කේ එදා ඔබට පහරදුන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ගල්කිස්ස පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වහාම නියෝග කළ හැකිය .

අද ඔබතුමාට කල හැක්කේ සුවිශේෂ වු කාර්‍යභාරයකි. ඒ ඔබ අත්දැකීමෙන්ම රාජපක්ෂවරුන් ගේ රාජ්‍ය ත්‍රස්තවාදය පිලිබදව දන්නා හෙයිනි. ඒ නිසාම අද ඔබ කොළඹ මහාධිකරණ විනිසුරු ලෙසට යම පමණ කින් හෝ ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් නොබියව එදා සේම පෙනී සිටිනු  ඇතැයි අපි රටේ ජනතාවගේ පුවත්පතක් වශයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like