අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව තුළ ඇති විමර්ශන වලින් 75% කට වැඩි ප්‍රමාණයක් විමර්ශන ගොනු ඇත්තේ දැනට සහ හිටපු දේශපාලකයින්ට බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අපගේ තොරතුරුකරුවන් කියා සිටි.
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ගෙන ඒමට දැඩි වෙහෙසක් ගත් ප්‍රධාන පෙළේ පුද්ගලයින් කීප දෙනා අතර කැපී පෙනෙන චරිත දෙකක් වූ රෝහිත අභයගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ දෙදෙනාටම මිලියන 50 ඉක්මවූ අල්ලස් විමර්ශන ගොනු මේ වනවිට විමර්ශනය කරමින් ඇත
ගෝඨාභය රාජපක්ෂගේ නියෝග අනුව පොලිස්පතිවරයා ඊයේ දැනුම් දී ඇත්තේ වහාම එම ගොනු පිළිබඳව තවදුරටත් කිසිදු විමර්ෂණයක් නොකරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2020 (country system change) එකක් සමගම මේ සියලු විමර්ශන යට ගසා සියලු නඩුහබවලින් තමාගේ සියලුම කණ්ඩායම නැවත සිස්ටම් චෙන්ජ් (country system change)පිරිවට අන්දා සමාජයට නැවත බෞතිස්ම කරන්නේ ඒ ආකාරයටය.
මෙහිදී රෝහිත අබේගුණවර්ධනට සහ මහින්දානන්ද අලුත්ගමගේ ට අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂිකා ලෙසට කටයුතු කරන පොලිස් අධිකාරී පත්මිණි දැනුම් දී ඇත්තේ විමර්ශන සඳහා පැමිණෙන ලෙසයි .
එක් අවස්ථාවකදී අභයගුණවර්ධන සර්පයෙක් දෂ්ට කිරීමේ හේතුවෙන් මරණාසන්න ව සිට පසුදා සියල්ලම මවිතයට පත් කරමින් ඔහු කළුතර නගරයේ සැරිසැරූ ආකාරයත් අධිකරණය ගොනාට ඇන්දවූ ආකාරයත් රටේජනතාව නොදන්නවා නොවේ.
ඒ හා බැඳුණු තවත් චරිතයක් වූ මහින්දානන්ද අලුත්ගමගේ නැමැති අංක එකේ දූෂිත ඒ ආකාරයෙන්ම කටයුතු කිරීම නිසා ගෝඨාභයගේ නියෝග පරිදි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ වහාම දූෂණ ගොනු වසා තබන ලෙසයි .
මෙයාකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ තමන් මනා ලෙස ශ්‍රී ලංකාවේ සිස්ටම් එක චේන්ජ් (country system change)කරමින් ගොනු වසා තබමින් යන බව සමස්ත ජනතාවට අපි ඉතා සතුටින් දන් දීමට කැමැත්තෙ.
07/25