ලෝකය පුරාම දරුණු වසංගතයක් වී ඇති හෙරෝයින් කෝකේයින් අයිස් වැනි අන්තරාදායක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී භූගෝලීය පිහිටීම ම් වලින් ඉතාම වැදගත් ස්ථානයක් ගෙන ඇති රටවල් අතර ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරමේ ත්‍රිකෝණයක් ලෙසට හැදින් වේ.
ප්‍රධාන පෙලේ ජාවාරම් කරුවන් දේශපාලණික රැකවරණ මත, ප්‍රධාන මධ්‍යස්ථානයයක් ලෙස ශ්‍රී ලංකාව පත් කර ඇති අතර සමස්ත තාරුණ්‍ය මත් රකුසාගේ ග්‍රහණයට ලක්වී ඉතා දරුණු ලෙස එහි ප්‍රතිවිපාක ආර්ථික සාමාජීය සංස්කෘතික ලෙස අද සමස්ථ ජන ප්‍රජාවටම විදීමට සිදුව ඇත.
මේ වන විට දත්ත අනුව රුපියල් කෝටි 2100ක පමණ වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය වැටලීම් කර ඇති අතර ආසන්නතම සිදුවීම ලෙස රුපියල් කෝටි 327 ආසන්න වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට පත්විය..
ඉතා දක්ෂ සූක්ෂම ලෙසට කෙතරම් වැටලීම් කලද ජාවාරම් කිසිකලෙකත් සහමුලින්ම නැවතී නොමැත..
මක්නිසාදයත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඉතා පැහැදිලිව දේශපාලණික ආශිර්වාදයත් රැකවරණයත් නිරන්තරව ලැබෙන හෙයිනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලත් මත් කුඩු ජාවරම්කරුවනට සම්බන්ද පුද්ගලයන් පාර්ලිමේතුවේ සිටින බවට ජනතාව තුල දැඩි විශ්වාසයක් ඇත.
කෙසේ වෙතත් මෙසේ අත්වඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය නැවත මත්කුඩු වෙලදාම් කරන පිරිස් අතරට පත් වන බවටත් සමාජයේ කතිකාවත් නිර්මාණය වී ඇති මොහොතක..ඉතා පැහැදිලිවම මේ මොහොතේ මෙම මත් ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරුවන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන නීතිය හමුවට ගෙන ඒමට හැකි බව අප අවධාරණය කරමු.
.නොඑසේනම් එම පරීක්ෂණ ප්‍රධාන ජාවාරම් කරුවන් හෙළිවීමකින් තොරව යට යන්නෙ කාගේ බලපෑමක් මතද යන්න රටට හෙලි විය යුතුය…
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ