ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඔහු සතු බලතල අවභාවිතා කරමින් නෙදර්ලන්තයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි ඔහුගේ පුත්
විදුර කාශ්‍යප දේශප්‍රිය මහතාව මෙරටට ගෙන්වා ගත්තායැයි පුවතක් මවමින් රජයේ අවශ්‍යතා ඉටු නොකරන රට වෙනුවෙන් වැඩ කරන මහින්ද දේශප්‍රිය මහතාට එරෙහි ව අන්තර්ජාල පුවත් පත් සහ සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර කිහිපයක් ප්‍රචාරණය විය .
නමුත් ඒ පිළිබඳ ව මහින්ද දේශප්‍රිය මහතා සියලු සත්‍ය තොරතුරු ප්‍රකාශ කොට ඇත ,
එහිදී මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ ය ඔහු කිසිදු අයුරකින් මේ සම්බන්ධයෙන් ඔහු සතු බලතල අනිසි ලෙස භාවිත කොට නොමැති බවත් ජනාධිපතිවරයා හෝ කිසිදු රාජ්‍ය නිලධාරීහු සමග සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා නැති බවත් ඔහු ගේ පුත් කාශ්‍යප දේශප්‍රිය මහතා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලූම් කොට ලියාපදිංචි වී අවශ්‍ය සියලු ලේඛන සපයා සාමාන්‍ය ගුවන් යානයකි මේ රටට පැමිණි බවයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මැතිවරණ කොමසාරිස් තුමාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කොට ඇත.
එසේ ම අන්තර්ජාලය හරහා පැතිර ගිය මඩ ප්‍රචාර සත්‍යය නම් ඒවා ඔප්පු කළ හොත් ඔහු තනතුරට ආයිබෝවන් කීමට ද සූදානම් බව ප්‍රකාශ කරමින් ඔහු එම අභියෝගය භාර ගත්තේය.
මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ වර්තමානයේ බොහෝ විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය සහ අන්තර් ජාල වෙබ් අඩවි රජයට අතකොළුවක් වෙමින් එයට සහයෝගය නො දක්වන පාර්ශවයන්ට එරෙහි ව අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීමේ මෙහෙයුමක් දියත් කරන බව යි ,මේ සියල්ල අතුරින් සත්‍ය තොරතුරු ගවේෂණාත්මකව තෝරා බේරා ගැනීම ජනතාව සතු වගකීමකි.
දර්ශණ
ඉතාලියේ සිට
ඉතාලියේ සිට