NHS ගැන ලංකාවෙ මේදවස්වල යන පෝස්ට් නිවුස් නිසා ලංකාවෙ මගේ පවුලේ අය යාලුවො කලබල වෙලා ඉන්නෙ අනේ දෙයියනේ එංගලන්තයේ ඉන්න ලංකාවේ උන් ගෙවල්වල මැරෙණවා රෝහල්වලට ගන්නෙ නෑවගේ වගේ කතා එකක.
ඒක තමා මේක ලියන්න …………
අනිත් හේතුව………………………………
පලවෙනි කාරනාව තමා මෙහේ කොරෝනා හැදුනු අය ගෙදර තමා ඉන්නෙ අමාරු උනොත් හොස්පිටල් අරන් යන්නෙ. සුදු ජාතික අගමැතිත් දවස් 7 ක්ම ගෙදර ඉදල ඔක්සිජන් දෙන්න ඕන උනාම තමා රෝහලට ගත්තෙ.( ලංකාවෙ දේශපාලකයෙක් ට හෙම්බිරිසාව හැදුනත් දන්නවනෙ)
දෙවැනි එක වෙනරටවලින් ආපු අයට සලකන්නෙ වෙනස්විදියටද කියන එක.
මේක මට අදාල පරන කතාවක්.
මීට අවුරුදු 5 කට කලින් මගේ දුව ඉපදිලා දවස් ගානකින් එකපාරට හුස්මගන්න බැරුව ගියා. බිරිදට අනුව දරුවා හුස්ම ගැනීම නතර කල අතර ශරීරය නිල් පැහැඋනාලු. මාසේවය කල රෝහලේ සිට NHS හදිසි සේවයට කෝල් එකක් දීල විනාඩි 7කින් මම ගෙදරට එනවිට ඔවුන් දරුව රිසසිටේට් කරල අරන් ගිහින්. ඔවුන් ඇහුවෙ නෑ මගේ හම සුදුද මොන වීසාවලද ඉන්නෙ කියල.
මම හිතන්නෙ නෑ ලංකාවෙ කොතන හිටියත් ඇය බේරෙයි කියල.( වෛද්‍යවරුන්ගෙ ප්‍රශ්නයක් නෙමේ සේවාවෙ ප්‍රශ්නයක් නිසා).
NHS කියන්නෙ පාලකයින්ගේ වැරැද්ද නිසා සේවකයින්ට අපහසුතා තියන තැනක් උනත් රෝගීන්ට කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැතුව ප්‍රතිකාර කරන විශිෂ්ට සේවාවක්.
තමන් තමා පෙරාපු රත්රන් අනිත් ජාතිවල උන් ඔටුවො කියල හිතන් ඉන්න මානසික රෝගීන් ලෝකෙ කොහෙත් ඉන්නව ඉස්සරත් හිටිය.
හැබැයි NHS කියන්නෙ එහෙම වෙනස් විදියට සලකනව කියල තේරෙනවනම් රෝගීන්ට ඒකට විරුද්දව තදින් ඇක්ෂන් ගන්න පුලුවන් තැනක්. උදාහරනයක් විදියට ලෙඩෙක් වෛද්‍ය සභාවට පැමිනිලි කලොත් ඔහුට ජාතිවාදී විදියට සැලකුව කියල ඒක ගොඩදාන්න අමාරු බරපතල චොදනාවක්.
ලංකාවෙ සමහර අයට ඕනවෙලා තියනව අපේ සීයල, තාත්තල , ඔවුන්ගෙ නායකයො , අපි , අපේ නායකයො සහ ඔවුන්ගෙ සෙනවියො තමා ලෝකෙම සුපිරිම වැඩ්ඩො. අනිත් රටවල් ඔක්කොම ෆේල්. මේ පින්වත් නායකයො නැත්නම් උඹලටත් මෙහෙමයි වෙන්නෙ කියල උදාහරන හොයාගන්න.
උඹල ගෙ දේශපාලන උවමනාව අපිට තේරෙනව හැබැයි වෙන රටවල් ගැන තමන් නොදන්න මගුල් උදාහරනවලට අරන්
නිකම් මිනිස්සු
භයකරන්න එපා.ප්ලීස්…………………
ලන්ඩනයේ දැනට සේවයේ නියුතු
කිර්තිමත් වෛද්‍යවරයෙකු වු
ඉදුනිල් දීප්ති කුමාර
විසින් ලියන ලදි.