උණුසුම් පුවත්

පොලිසියේ මෙවනි නින්දිත පහරදිම් නතර කිරිමට බැරිනම් පොලිස් කොමිසම ඇත්තේ හීහාන්ටද….? ඒ තිරිසන් සතුන් දෙදෙනා වහාම පොලිස් සේවාවෙන් පන්නා දැමිය යුතුයි.

Spread the love

මෙම නිලධාරින් දෙදෙනා පිලිබදව සිරස මාධ්‍ය ලෝකයටම එය විකාශණය කිරිම ගැන පොලිස්පතිවරයා ස්තුති කලයුතුය. අදවන විට ලංකාවේ ජනතාවගේ අප්‍රසාදයට මෙන්ම ගැරහුමට ලක්වඇති ප්‍රධානම ආයතනය පොලිසියයි.
ඒ පහර දෙන පොලිස් නිලධාරින් දෙදෙනාට විරුද්ධව නිතිය ක්‍රියාවේ යෙදවිමට ප්‍රථම ඒ නිලධාරින් අනුයුක්ත පොලිස් ස්ථානාධිපති වරයා වහාම ස්ථාන මාරු කලයුතුය. පොලිස් ස්ථානාධිපතිට තම නිලධාරින් මෙහෙය විමට නොහැකි බව ලොවටම හෙලිවිය.
වරද කුමක් වුවත් මහජනයාට පහර දිමට කිසිදු බලයක්,අයිතියක් නිතියෙන් කිසිදාක පොලිසියට දි නැත. මෙම පහර දුන් නිලධාරින් දෙදෙනාම රථ වාහන අංශයේ නිලධාරින්ය. මෙම නිලධාරින් අඩුම තරමින් රථ වාහන වැරැදි යනු අපරාධයක් නොවන බවවත් නොදනි.


Spread the love

Leave a Comment

You may also like