උණුසුම් පුවත්

Covid 19 තුළ ඉතාලියේ නැගිටීමට ශ්‍රි ලංකීය තරුණ ප්‍රජාව අතදෙයි……!!

Spread the love

මිහිකතම දරුණු හිංසනයකට ලක් කල covid 19  කොරොනා වයිරසය සොභාදහමේ  දෛලක්කිත භෞතික වාදය මත පිහිටමින් සමස්ථ සකලවිද ලෝවැසියන්ට යම් තීවෘ වූ පණිවිඩ කිහියක් සම්ප්‍රේෂණය කරන්නට විය…ඉන් ප්‍රමුඛ වුයේ සියලු මණු සතුන් නිශ්චිත අර්බුධයන් හමුවේ අසරණ වූ විට සියල්ලන්ගේම අසරණ භාවයත් තරාතිරම වර්ග පාට පංති අතර නිර්ධය ලෙස උදාසීන වුනු උස් මනස හිමි සිතීමේ හැකියාව  ඇති මිනිසුන් අද වනවිට මංමුළා වුන  ජන කොටසක් බවට පත්වී හමාරය.
.
එසේනම් අපි කුමක්.කල යුතුද??? මානව දයාවේ උත්කෘෂ්ට ගුණාංගයයන් පිරිපුන් මානව වර්ගයක් වන අපි චාම් සරල දිවිපෙවත් ගත කරමින් සොභාදහමට අනුගතව ජිවත් වීමේ වැදගත් කම අනෙකාට ගෞරවයෙන් ආදරයෙන් සෙහෙසේ දෑත් දිගු කරමින් ජීවත් වීමේ වටිනාකම වඩ වඩාත් මොනවට පැහැදිලි කලඅවස්ථාවකි. .
මේ ව්‍යසනය ලොවක් වෙලාගත් මොහොතක ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව ගෙන් සැලකිය යුතු කොටසක් තම මව් රට බලා ගියේ බහුතරයක් උද්ගත තත්වය හමුවේ වැසීගිය රැකියා අවස්ථා  හමුවේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩුවට හා සුලුතරයක් මේ උවදුරෙන් බේරීම වෙනුවෙන්ය.
නමුත් කිසිවෙක් ඉතාලියේ සිට මේ වයිරසය කිසිවෙක් හෝ රැගෙන ගියේ නැත.ඔවුන් ආසාදිත වූයේ  යානයේ හෝ නිසි ක්‍රමවේදයක් ( covid 19 අනුව ) නොමැති ගුවන්තොටුපලේ ආකාර්‍යක්ෂම ක්‍රියාපිළිවෙත නිසයි..
කෙසේ වෙතත් යැපුම්ආර්ථිකයක් මත පවතින අපේ රටට ලක්ෂ ගණනින් විදෙස් මුදල් යවමින් රටේ මහා භාණ්ඩාගාරයේ විදෙස් සංචිත පුරවන එමෙන්ම ප්‍රධාන විදෙස් සංචිත ලබාදෙන ක්‍රමවේදයේ පුරෝගාමීන් වන රටවිරුවාත් හෑල්ලුවට ලක් කරමින්, කිසිදු රාජත්‍රාන්තික භාවයකින් තොරව ඉතාලි රජය ඇතුලුව වෙනත් යුරෝපා රාජ්‍යයන් අපහසුතාවයට පත්කරමින් උද්ගත වසංගත තත්වය තුල ක්‍රියාකලාපයන් විවේචනය කරණ ලද්දේ අප ඔබ නොව රාජත්‍රාන්තික භාවකින් ක්‍රියාකල යුතු ප්‍රභල පොලිස් ලොක්කන් හා වැදගත් ප්‍රවීණ වෛද්‍යවරුන් විසිනි.
එවන් සංදර්භයක් තුළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ඉතාලි රජයේ පැවති පැහැදීම ගිලීහී ගොස් වපර ඇසෙන් බලන තත්වයක් උද්ගතව ඇති මෙවන් අවස්ථාවක නැවතත් නැතිවූ විශ්වාසය ගෞරවය   නිර්මාණය කරගැනීමේ වගකීමට  උරදිය යුතුව ඇත..
එසේ නම් මිලානෝ වෙසෙන අවංක ශ්‍රී ලාංකික මිතුරණි අප එක් වී අපේත් රටේත් ගෞරවය රැකගතයුතු මොහොත උදාවී ඇත..
මේ ව්‍යසනයෙන් යලි නැගිටින්නට වෙර දරණ ඉතාලි රජයට අපි අපේ ශ්‍රම දායකත්වය යම් ප්‍රමාණයකට ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් ලභාදීම  හා ඇති හැකි අය ආර්තික වශයෙන් මිලානෝ කොමුනේ අරමුදලට මූල්‍ය දායකත්වයක් වුවද ලභා දිය හැක.
කෙසේවෙතත් ඉතා වටිනාම ක්‍රියාව නම් ඉතාලියේ වෙසෙන විදේශිකයන් කිසිවෙක් මේ මොහොත වන විට ස්වේච්ඡා සේවය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලභා දී නැති අතර හැකියාව ඇති අයට මූල්‍ය දායකත්වයත් එමෙන්ම අන් සියලු දෙනාටම ස්වේච්ඡා කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වයත් ලභා දී අපේ ජීවිත සාර්ථක කරගැනීමට සම අවස්ථා භුක්තිවිදිමින් ජීවත් වීමට ඉඩහසර වෙන් කල ඉතාලියට  ශක්තියක් වෙමින්,

ඇති හැකි වේලාවේදී අපිව ,අපේ දරු පවුල් පෝෂණය කල ඔබේත්, මගේත් හැදු මව් වු ඉතාලිය රැකගෙන තවත් පරම්පරාවකට මෙය භාර දීමේ වගකීම හා මිය ගිය අපේම ඉතාලි ජාතිකයන්ට කරන එකම් ගෞරවය මේ ඉතාලිය නැවතත් පෙර තිබු තත්වයට ගෙන ඒමයි එය ජිවතුන් අතර සිටින අපේ වගකීම බව මා ,සිතන අතරම,

අපේත් රටේත් ගෞරවය නැවත ස්ථාපිත කිරීමට එක් වෙමු…………
ඔබට ජය..!!
සුමුදු මද්දුමආරච්චි
ඉතාලියේ
මිලානෝ සිට.

Spread the love

Leave a Comment

You may also like