උණුසුම් පුවත්

කොරෝනා රෝගින් 166 සමඟ ගැටුන 42000ක් ලංකාව පුරාම ඉන්නවා–GMOA

Spread the love

අදවනවිට හදුනාගත කොරෝනා රෝගීන් 166 සමඟ නිත්‍ය ලෙසටම ගැටුන 42000 කට ආසන්න පිරිසක් රට පුරාම සිටින බවත් එම පුද්ගලයන් හදුනා ගෙන වහාම කොරෝනා පරික්ෂණයට භාජණය කරන ලෙසට තම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යකෂක වරයා ගෙන් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒ සදහා කිසිදු ක්‍රියාමාරගයක් ගෙන නොමති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පවසයි.

මේ පිලිබදව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කලේ රෝගින් 27000 ක් සිටියදී බවත් ඊට නිසි ප්‍රතිචාරයක් නොමති බවත් මෙම ( RAPID TEST ) අනුගනනය කිරීමට දැනුම් දුන් බවත් දැන් එම ගනන 42000ක් වී ඇතැයි වෛද්‍ය සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටින්නේ එම ගනන ලක්ෂක් වෙනතුරුද බලා සිටින්නේ යැයි ඔහු විමසා සිටී. ” දැන් අපි මේ කරන පරික්ෂණ ක්‍රම වේදය Rapid  ක්‍රමයට පමණක් සීමා වෙලා සිටීම ඉතාම අනතුරු දායකයි.

මොකද මේ වෙනවිට නිරෝධායනය වු පුද්ගලයන් නිරෝධායන සහතිකත් සමඟ ඇවිත් රෝහල් ගතව තිබෙනවා මින් පෙනියන්නේ නිරෝධායන වු පිරිස් පවා නැවත් පරික්ෂණයට ලක් කලයුතු බවයි.  ඊයේ ජනාධිපති තුමා සමඟ පැවති සාකච්චාවේදී පවා අපි මේ තත්වය පෙන්නා දුන්නා .

දැන් පරික්ෂා කලහැක්කේ දිනකට 750 ක පමණ ධාරිතාවක් මේ ගනන 1500 දක්වා වැඩිකල යුතුයි . පසු ගිය තාක්ෂණික කොමිටුවේදි පවා අපි පෙන්න දුන්න මේ තත්වය වැඩි කලයුතු බවත් රැපීඩ් ටෙස්ට් ( RAPID TEST )  එකතුලින් මිනිත්තු 15 වැනිකාලයකදී ඉතා ඉක්මනට මෙය කලහැකි බව දැන් හමුදා බුද්ධි අංශ ලංකාව පුරාම මේ රෝගීන් ගැටුන අයව 42000 ක් අදුනා ගෙන සිටිනවා.

ඉතිං තවත් ඇයි මේ පරික්ෂණ පමා කරන්නේ කියන එක අපිට විශාල ප්‍රහෙලිකාවක් අපි ඉල්ලා සිටින්නේ මේ නිරෝධායනය කරන අයව පරික්ෂා කොඅට පොසිටිව් නොවන් අයව නැවත නැවත පරික්ෂණයට භාජන්ය ලක් කලයුතු බවයි . ” නලීන සොයිසා මහතා මේ බව පැවසුවේ අද (05 ) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අජිත්…


Spread the love

Leave a Comment

You may also like