සමස්ථ ජනතාවම මේ වනවිට විවිධ බාධක මැද තම එදි නෙදා කෑම බීම සොයා ගනිමින් සිටී. ඒත් පොලිස් නිලධාරින් ගේ තත්වය මීට වඩා ඉතාම බරපතලය. එම නිලධාරින් හට පැවරෙන රාජකාරිය අතරතුර තම පවුලේ අයට කෑම ලබා ගැනීමට යාම කිසි සේත් කල නොහැකි දෙයකි. ඒ නිසාම පොලිස් නිලධාරිට අඛන්ඩව වියලි සලාක ලබාදීමේ කිසිම ක්‍රම වේදයක් පොලිසිය තුල නොවීම ඉතාම කණ ගාටුදායක් කරුණකි.
පසු ගිය දිනක පොලිස් මුලස්ථානයෙන් ඊට කිසියම් නිලධාරියකුට ආහාර අවශ්‍ය නම් දැනුම් දීමට මහනුවර පොලිස් ස්ථානයට දැනුම්දී ඇතත් ඊට ඉතාම රහසිගතව පාලන් අංශයේ නිලධාරින් ගේ නම් කීපයක් යවා ආහාර මළු ගෙවවිත් ඇත. මේ පණිවුඩය පිලිබදව පොලිස් ස්ථානයේ අනිකුත් නිලධාරින් කිසිවක දන්නේ නැත.
ඒත් ආහාර මළු පොලිස් ස්ථානයට ලැබුණ පසු මේ පිලිබදව නිලධාරින් සොයාබලා ඇත. එවිට වැටහී ඇත්තේ මෙය පාලන අංශයේ නිලධාරින් හොරාට ගෙන්නා ගත් වැඩක් බවට .
මේ වන්විටත් මේ පිලිබදව උසස් නිලධාරින් පවා දැනුවත් කිරීමට කටයුතු කොට ඇති බවත් මේ ආහාර මළු ගෙනවිත් සැඟවීම පිලිබදව වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසත් පොලිස් නිලධාරින් ඉල්ලා සිටි.
07/25