Also available in: English (English)
වසර 150 ක් ගෙවී යන පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් වීම් ගොඩ පිටින් බෙදා ගත්තේ ඉහල නිළධාරින්ය. 1996 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උප සේවා පොලිස් නිළධාරීන් සියලු දෙනා නිත්‍ය සේවාවට අන්තර්ග්‍රහනය කරන ලදී. පසුගිය දිනක පැවති පොලිස් උසස් කිරීම් වලදී උසස් නිළධාරින් නොවන පොලිස් සැරයන්වරුන් ගෙන් පහල නිලධාරිට ලොකු අසාධාරනයක් සිදු කර ඇත. වර්ථමාන පොලීසිය තුල නිත්‍ය හා උප සේවා දෙකොටසක් නැත. කාගේ උවමනාවකට මෙවැනි බෙදීමක් පොලිසිය තුල අතිකර තිබේදැයි වහාම සෙවිය යුතුය. වසර ගනනාවක් පොලීසිය තුල අපමන මෙහෙයක් සිදුකල නිලධාරීන් මෙම උසස්වීම් නිසා කලකිරි ඇති නමුත් මේ උසස්වීම් වල තියන ලොකුම විහිළුව තරු වලට ඒ බාධකය නැති කමයි.
පොලිස් සේවයේ එකම නිලයේ වසර 8 කටත් වඩා පල්වෙවී සිටින අයට මෙයින් කිසිම පිහිටක් නැත. යහපත් පොලිස් සේවයක් මහජනයාට ලබා දීමට තටමන පොලිස්පති වරයා පලමුවෙන්ම කලයුත්තේ තම නිලධාරින්ට රාජකාරි කල හැකි දෙපාර්තමේන්තුවක් ඇති කිරීමයි. එසේ නොකර මහජනයාට කෙසේ යහපත් සේවාවක් ලබා දෙන්නද?
නිතිය හා සාමය පිලිබඳ ඇමතිවරයා වහාම මෙම අසාධාරනය පිලිබඳව සොයා බලා කටයුතු කල යුතුය. එසේ නොවුනහොත් නුදුරේදීම පොලිසිය තුල විශාල බෙදීමක් වැලැක්විය නොහැක.
අසාධාරණයට ලක්වු පොලිස් පොඩ්ඩෝ