වෙනත්

විරවංශ නාටකය රටේ ධනය හොරා කෑ අයට හා හොරා කෑමට තටමන අයට හොඳ පුර්වාදර්ශයක් වේවා………!!!!!!!!!!!!!!

Spread the love

ඉතිහාසයේ සිටම මේ දක්වා දේශපාලකයන් රටේ ධනය මිලියන, බිලියන ගනන් අයතා පරිහරනය හා හොරා නොකා තිබුණා නම් අද වනවිට ශ්‍රිලංකාවත් දියුණු වු රටක් ලෙසට ලෝකයා වර්ග කරනු ඇත.
එදා අපේ රටේ සහල් පිට රට ඇරියේත් අතිතයේ සිටි නායකයන් වු ඩි.එස්. සේනානායක, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක යන කිසිම දේශපාලඥයකු රටේ ධනය නැති නාස්ති නොකර හොරා නොකා සිටි නිසාය. එත් පුදුම දේ වර්තමානය වනවිට මුලු ලෝකයෙන්ම දුෂණය කියන වචනය පිටු දකිද්දිත් ලංකාවේ රට පුරාම ඉහ වහ ගිහින්ය.
රටේ සම්පත් උපරිමවම අවභාවිතා කරන ලද යුගය මහින්ද රාජපක්ෂ යුගය කිවොත් එය නිවරදිය. රුපියල් බිලියන ගනන් ගසා කාපු ඔවුන්ට නැවත නැවත ජනතාව නමස්කාර කරයි.
අද වන විට කරලියට පැමිණ තිබෙන ප්‍රධානම මාතෘකාව වි ඇත්තේ පාර්ලිමේන්තු මංත්‍රි විමල් විරවංශගේ හොරා කෑමය. උන්ගේ අම්මා අප්පා දෑවැද්දට දුන්න දේ පවුලේ අය සමගියෙන් අනුභව කරනවා සේ මුන්ගේ පවුලේ සනුහරේටම සුඛෝපභෝගි වාහන , අසිමිත ඉන්දන හා එවාට රජයේ පඩි ලබන රියදුරන් 16 දෙනෙක් යොදවා රජයේ මුදල් කෝටි 09 හොරන් කාපු උන් පස්සේ තවමත් සමහරක් යයි.
බ්‍රිතාන්‍ය , ඇමරිකාව ,අනෙකක් තබා ඉන්දියාවේ ජනතාව පවා එ වනි කාලන්නි හොර දෙටුවන් පන්නා දමයි. සමහරක් හොරකම වලට හිරේට දමනකොට උන්ගේ පස්සෙන් ගිහින් පිරිත් කියන හාමුදුරුවරුත් තාම සිටි.
විමල් විර වංශගේ මේ හොරකම් වගේම අනික් සියල්ලටමත් ජාති, ආගම්, පක්ෂ, විපක්ෂ කිසිදු බේදයකින් තොරව නිසි ලෙස නිතියානුකූල අධිකරණ ක්‍රියාවලියකින් යුක්තිය ඉටු වුවහොත් අන්න එදායින් පසුවනම් දේශපාලකයෝ රටේ සම්පත් හොරා නොකා තම වැටුපෙන් ජිවිතය ගෙනියයි. අනේ ඉතින් ඒ දවස කවදා නම් උදාවේද….?
විරවංශ නාටකය හොරා කෑ අයට මෙන්ම හොරා කෑමට බලාසිටින වුන් සියල්ලටම හොඳ පුර්වා දර්ශයක් වනු ඇතැයි ජනතාව බලාසිටී.

ඡායාරුප හිරු නිවුස්


Spread the love

Leave a Comment

You may also like