උණුසුම් පුවත්

පහත් තැනින් ගලා යයි ජලය…… කියමන සනාථ කරමින් රතුපස්වල වෙඩිතැබිමට යුධ හමුදා සැරයන් වරුන් දෙදෙනෙක් අත්වඩංගුවට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්වඩංගුවට ගැනිමට ආරක්ෂක ලේකම්ගෙන් බාධා..

Spread the love

ලෝකයේ පලමු වතාවට බිමට ජලය ඉල්ලු විට වෙඩිතබා ඊට පිලිතුරු දුන් රජයක් ලංකාවේ තිබුණි. ඒ පැවති රජයේ තිරිසන් පාලනයක් බව මුලු ලෝකයාටම පෙනුනි. පාසැල් නිමව නිවසට එමින් සිටි අහිංසක දරුවන් දෙදෙනෙක් ද තම බිරිද හා දරුවා ජිවත් කිරිමට රැකියාවට ගොස් එමින් සිටි අයකුට ද අමානුෂික ලෙසට වෙඩිතබා මරා දමන ලදි.
අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ඕනෑම කැරැල්ලක් මැඩලිය හැක්කේ පොලිස් කැරලි මර්ධනයට මිස ඊට කිසිසෙත් හමුදාවට මැදිවිය නොහැක. එසේ හමුදාවට කැරැල්ලක් මැඩලිය හැක්කේ පලාතේ දිසාපති වරයා හෝ එම පලාතේ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගේ ඉල්ලිමක් මතය.
නිතිය බල්ලට දැමු රාජපක්ෂලා එක්වරම බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන් සමග බලඇණියක් රතුඉපස් වලට යවා හිස් ලු ලු අත වෙඩිතබා අහිංසකයන් 03 මරාදැමු බව රටම දනි. මේ සදහා අණ දුන්නේ බලඇණි නායකයා බවට සියලු සාක්ෂි ඇත .
යහපාලන ආණ්ඩුවේ ගමනට කිසිදු ආශවක් නැති බොහෝ දෙනෙක්ම එ නිලතලවලට බලහත් කාරයෙන් පැමිණි අය නොවේ. ජනාධිපති වරයාම ඒ නයි තමන්ගේ රෙද්ද අස්සේ දමාගත්තෝය.
ඉන් ප්‍රධානම කෙනෙකු වන්නේ එලිවෙන්කන් රාජපක්ෂ ලාගේ ඔඩොක්කුවේ සිටි ආරක්ෂක ලේකම් වරයාය. අද රතුපස්වල ප්‍රධාන ඝාතකයා අත්වඩංගුවට ගැනිමට සුදානම් වනවිටම මොහු පොලිස්පතිවරයාට කතා කොට වහාම එය නතර කොට ඇත.
මේවා ජනධිපතිවරයා දැනුවත්ව වන බව සත්ස්සුදත් සේ පැහැදිලිය. මෙයින් සිදුවන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාතාට ලෝකයා ඉදිරියේ නිරුවස්තරවිමටය.
එසේ නොමතිනම් එදා ලෝකයාට පුන පුනා කී මිනිමරුවන් ඇල්ලිමට ඉඩ සලසාදිමය.


Spread the love

Leave a Comment

You may also like