උණුසුම් පුවත්

ශ්‍රි ලංකාව යුද්ධානුකරණය වු රටක් මෝටර් වාහන පනතට අනුව යුධහමුදාව රථ වාහන හැසිරවීම නිති විරෝධියි.( ශ්‍රි ලංකාවේ දක්ෂතම හිටපු රථවාහන ස්ථානාධිපති කියයි. )

Spread the love

ශ්‍රි ලංකාවේ සියළුම රථවාහන හැසිරවීම ,වැරදි වැටලීම හා රථවාහන සංඥා පුවරු ,මාර්ග සලකුණු කිරීම මේ සියල්ලම 1951 අංක 14 දරණ පනත සංශෝදනය වී 1984 අංක 40 දරණ පනත 203 වන අධිකාරිය හා 2009 අංක 08 දරණ මෝටර් වාහන සංසෝධිත පනත ප්‍රකාරව ශ්‍රි ලංකා පොලිස් නිලධාරින්ට හා මෝටර් රථ පරික්ෂක වරුන්ට පමණක් මෙම බලතල ක්‍රියාතමක කල හැකි බවට එම පනත් හා ඊට අදාල සංශෝධන හා ගැසට් පත්‍රවලින් බලය ලබාදී ඇත බවට ශ්‍රි ලංකාවේ හිටපු දක්ෂතම රථ වාහන ස්ථානාධිපතිවරයා කියා සිටි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ දැන් ශ්‍රි ලංකාවේ ඇත්තේ බැලු බැල්මටම යුධානුකරණය වු රටක් ලෙසය.Image result for sri lanka military police in road traffic

ශ්‍රි ලංකාව ඊයේ සිට ලෝක ඉතිහාසයට එක්වෙන් බවත් ප්‍රජාතන්ත්‍රික රටක් තම යුධ හමුදාව යොදවා රථවාහන හැසිරීම සිදුකරන නිසාවෙන් විදේශිකයන් දැඩිතැතිගැනීමකට මේ වනවිටත් පත්ව ඇති බවයි. ප්‍රබල ගරිල්ලා සංවිධානයක් සමඟ සටන් කරපු ශ්‍රිලංකාව එවනි කාලයකදිවත් අඩුම හමුදා පොලිසිය රථවාහන්රාජකාරියට යොදා තිබුනේ හෝ නැති අවස්ථාවදී රටේ ආර්ථිකයට මෙය මරුපහරක්පමණක් නොව මෙහි නිතියානුකූල භාවයක් නැති බවත් එසේ නිතියානුකූල හැකියාවක් ඇතැයි යමෙක් කියනවානම් ඔහුව මොලෙ අසනීපයක් තිබිය යුතු බවත් වැඩිදුරටත් හිටපු ස්ථානාධිපති  ප්‍රකාශ කරයි.

එසේම යුධ හමුදා “පොලිසිය ” යන්න පිහිටවා ඇත්තේ ශ්‍රි ලංකා යුධහමුදාවේ විනය හා කල්ක්‍රියා පවත්වාගෙන යාමට මිස රටේ රථ වාහන ,මාර්ග නිතිකඩකරන්නන් ඇල්ලීමට නොවන බවයි. මා මෙය දකින්නේ ඇත්තෙන්ම ජනාධිපති තුමාව හා පවතින ආණ්ඩුව ඉතාම අසරණ අඩියකට දැමීමට කිසියම් පුද්ගලයෙකු දෙන ලද වැරදි උපදෙසක් ලෙසයි.

ලෝකයේ කිසියම් රටක් තම රටේ හමුදාව පාරට බැස සිටීනම් ඒ රටේ ආරක්ෂාව පිලිබදව කිසියම් ප්‍රශ්ණාර්ථයක් ඇතිව තිබීම විය යුතුයි. ඒ නිසා මෙයින් ලෝකයට දෙන පණිවිඩය අපේ රට දැඩි අනාරක්ෂිතයි ශ්‍රි ලංකාවේ තත්වය ඉතාම භයානකයි යන්න මිස වෙන් කුමක්ද ….?

වසර 30 ක යුදය ඉතාම හොදින් දන්නා නමුත් පාස්කු ප්‍රහාරය නිසා නැවත රට අස්ථාවර වු නමුත් ඉන් පසුව යථා තත්වයට පැමිණෙමින් තිබෙන මොහොතක මෙවනි ආකාරයකට නිතිවිරෝධීව හා හමුදාවේ තිබෙන ගෞරවාන්විත භාවය පවා විනාශ වෙන ආකාරයට හන්දි ගානේ රථවාහන හැසිරවීමට යෙදවීම කිසිසේත් නොකල යුතු දෙයකි.

ශ්‍රි ලංකාවේ ජන්තාව ගේ අවාසනාව නම් කුමන පොලිස්පතිවරයෙකු පත් වුවත් ඒ පත්වෙන පුද්ගලයා ගේ ඊළඟ සිහිනය විශ්‍රාම ගෙන තානාපති කෙනෙකු හෝ එසේත් නැතිනම් ජනාධිපති උපදේශකයෙකු ,එහෙමත් බැරිමනම් පොලිස්කොමිසම වැනි වයෝවෘධකයන් ගේ අම්බලමකට රිංගා ගැනීමට උන් පොලිස්පති නිලයට පත්වීමට ආසන්නම කාලයේ පටන් ඒ වනවිට පවතින් ආණ්ඩුවේ සියළු අසුජි තම පහල අහිංසක නිලධාරින් ලවා සෝදා දී උන් පිරිසිදු කිරීමට ඉදිරිපත්වීම රටේ ජනතාව ගේත් පොලිස් සංහතියේත් ඉතාම අවාසනාවක්.

ඒ නිසාම පොලිසියට අද මේ ඉතාම අවාසනාවන්තම ඉරණම සිදුව තිබෙනවා “පොලිස්පති ” ගේ වගකීම රජය ආරක්ෂා කිරීම මිස කාලෙන් කාලෙට එන ආණ්ඩු ආරක්ෂාකිරීම නොවන බව වත් වර්තමාන පොලිස්පති දන්නවාදැයි තමා කිසිසේත් විශ්වාස නොකරණ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අපහා පැවසීය.ඔහු මේ බව කියාසිටියේ මේවනවිට ශ්‍රි ලංකාවේ රථවාහන හැසිරවීමට යුධ හමුදාව යෙදවීම පිලිබදව විමසීමේදීය.

06/2000


Spread the love

Leave a Comment

You may also like