ජිනීවා යෝජනාවලින් ආණ්ඩු ඉවත් වෙනවා යැයි කීම පට්ටපල් බොරුවක් ,එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගෙන ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් එක්කරගෙන එහිදී කිසියම් යෝජනාවක් සම්මත වුවහොත් එක් රටක් ඉවත් වුවා කියා එම යෝජනාව ඉවත් කරගන්නේ හෝ ඉවත්වන්නේනැත.
මෙය ගමක මරණාධාර සමිතියක සභා සමමත වු යෝජනාවක් එක් අයෙකු ඉවත් වු නමුත් එකී යෝජනාව ඉවත් වන්නේ නැත. ඒ බවත් ගෝඨාභය රාජපක්ෂලා නොදන්නවා නොව එසේ තිබියදීත් ආණ්ඩුවට දැන් කිසිදු බිල්ලෙක් නොමති නිසාම ජිනිවා බිල්ලා නැවත් මෙවර මැතිවරණයේදී රඟ දැක්වීම කොතෙක් දුරට ජනතාව පිලිගනීදැයි සැක සහිතය .
කෙසේ වෙතත් පුවත් පතක් ලෙසට ජනතාව වෙනුවෙන් අප නිවරදි තොරතුරු වලින් ජනතාව සන්ම්නදිධ කිරීම අප පුවත් පතේ ඒකායන අරමුණය. එහෙත් රජයට ජිනීවා යෝජනාවලින් 30;01 යන වගන්තියෙන් ශ්‍රි ලංකා රජය ඉවත් වෙන බව ට මේවනවිට ත් දැනුම්දී ඇත. එලෙබෙන 26 වන්දින ශ්‍රි ලංකාව පිලිබද එකී යෝජනාව සභාවට ඉදිරිපත වීමට නියමිතව ඇත.
මහින්ද රාජපක්ෂ කරන්නේ සමස්ත ජාතියම ගොනාට ඇන්දවීමක් ජිනීවා යෝජනාවලිය ඉදිරිපත් කර ඇති දරුස්මාන් වාර්තාව ඉතාමත්ම ප්‍රබල වාර්තාවකි එම වාර්තාව කැන්දාගෙන ඒම පෙර ගමන් කරුවන් වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා ජනතාවට අමුතුවෙන් කිව යුතු දෙයක් නොව, 2009 යුද්ධය අවසන් වූ පසුව ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිදියාව ඇති කරවීමට එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ලංකාවට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යෝජනාවකට අත්සන් කළ බව සමස්ත ජාතිය ම ඉතාම හොඳින් දන්නා කරුණකි.
එක්සත් ජාතික සංවිධානය මේ වන විට විවාදයට භාජනය පවතින මානව හිමිකම් යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවේ ඉවත් වනවා යැයි කීම රාජපක්ෂලාගේ තවත් අතේ පැලවෙන ඉතාමත්ම බොරුවක් බව සමස්ත ජාතියටම වගකිවයුතු පුවත්පතක් වශයෙන් පෙන්වාදිය යුතුයි .
විශේෂයෙන්ම ප්‍රධාන රටවල් කීපයක් එකතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ලද යෝජනාවක් සභා සම්මත වී වවන විට අවසන් ය එහෙත් එක වගන්තියෙන් ලංකාවට ඉවත් වීමේ නිදහස ඕනෑම අවස්ථාවකදී ඇත .
ඒ අනුව රාජපක්ෂලා සිදුකරන්නේ 30;01 වගන්තියෙන් ලංකාවේ ඉවත් වීම මිසක් එක්සත් ජාතික සංවිධානය සමස්ථ යෝජනාවලියෙන් ම ලංකා ඉවත් වීමක් නොව, මේ නිසා මේ නිසාම ජනතාවට බොරු කියමින් රාජපක්ෂ රජය මේ වන විට වැටී ඇති ජනතා ප්‍රසාදය ගොඩ ඒම සඳහා තවත් තුරුම්පුවක් වශයෙන් මෙය පාවිච්චි කරන බව අපි ජනතාවට ඉතාම වගකීමෙන් කිව යුතුය.
අජිත් ජිනීවා සිට ලියයි….