ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන වැඩ නිළධාරිනි ලෙස කටයුතු කරනදේවානි ජයතිලක මහත්මිය පසුගිය දහ මහත් ප්‍රසිද්ධියට පත්විය ඇය අඩවි වන නිලධාරීන් ලෙසට ඉතාමත් ම මැනවින් නීත්‍යානුකූල රාජකාරිය සිදු කරන ලද තැනැත්තියකි. ඇය පසුගිය දින සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සමඟ මුහුණට මුහුණලා ගැටුමකට පැමිණියේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කඩොලාන රක්ෂිතය රැකගැනීම වෙවෙනුවෙනි.
ඒ සඳහා ඇය තනිවමසටන් කිරීම හේතුවෙන් මේ වන විට ඇයව ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇති බවට ඊයේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළා මීගමුව කලපු සංවර්ධන පිළිබඳව සාකච්ඡාවේදී කඩොලාන පරිසරය වෙනුවෙන් පෙනී සිටි දේවානි ජයතිලක මහත්මිය සෑම රාජ්‍ය සේවකයකුටම නීතියානුකූලව තමා කොන්ද පණ ඇතිව රාජකාරි කළ යුතු බව ඉතාමත්ම හොඳින් පෙන්නා දුන් නමුත් අද ඇතිව තිබෙන තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්කරුණක් බව මෙහිදි වැඩිදුරටත් අජිත් මාන්ප්පෙරුම මහතා පැවසීය.
ඇය මිනිසුන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් අවශ්‍ය බව පෙන්වා දීමේදී අද ඇයට හිමිව ඇත්තේ දේශපාලන බලාධිකාරිය තාඩන පීඩනවලට ලක්ව ස්ථාන මාරු ලබා ගැනීමට මේ පිළිබඳව අපි රජය වෙත කියා සිටින්නේ ඇයව ස්ථානමාරු කළහොත් මෙයරාජ්‍ය සේවයට දේශපාලකයින් විසින් කරනු ලබන දැඩි බලපෑමක් වන බවයි.
වන සත්ව රුක්ෂලතා භාර ඇමති වරයා වන එස්.එම් .චන්ද්‍රසේන මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ කඩොලාන වෙනුවෙන් පෙනී සිටින දේවානි ජයතිලක වැනි නිලධාරින් ආරක්ෂා කිරීමටවහාම මැදිහත් වෙන ලෙසට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
07/25