උණුසුම් පුවත්

ඇමරිකානු ඩොලර් මිලියන 07ක් රුපියල් 25,000/- කට වඩා වැඩි බව නොදන්නා ” පොලිස්පති ” උදයන්ග වීරතුංගට ලිස්සායෑමට පාරකපයි.

Spread the love

මිග් ගානා ගනුදෙනුව, එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අල්ලා ගන්නා ලද ප්‍රභල අවි ආයුධ යුක්ක්‍රේන් කැරලි කරුවන්ට විකිණීම හා රුසියානු තානාපති කාර්‍යාලයේ සේවය කරන ලද රියදුරෙකු ලෙසට සේවය කල අයෙකු  ගේ අභිරහස් මරණය යන චෝදනා යටතේ දැනට රිමාන්ඩ් භාරයේ සිටින ගෝඨාභය ගේ අගමැති මහින්ද ගේ ඥති  සොහොයුරු උදයන්ග වීරතුංග  ඊයේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කල අතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔහුව ලබන 26 වන දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ගත කිරීමට නියෝග කලේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන චෝදනාව වුයේ ශ්‍රි ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 07 ක මුදලක් වංචා කිරීම වුවත් 1982 පොදුදේපල විශයලා කරනුලබන වැරදි දැක්වෙන පනතට අනුව මෙම  සැකකරු රුපියල් 25000/- වඩා වැඩිමුදලක් වංචාකර තිබෙනවිටක එම  බී වාරතාව සහකාර පොලිස් අධිකාරි වරයෙකු විසින් සහතිකයක් ඉදිරිපත් කලයුතු බවට මෙම පනතේ දක්වා ඇතත්  ඒත් හිතාමතාම එම වාර්තාව මෙසේ අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදි  C I D .ප්‍රශ්නකල නමුත් පැමිණ සිටි පොලිස් නිලධාරින් ඒ  බවක්  අඩුම තරමින් දැනන් සිට නැත.

වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙවනි ඇමරිකානු  ඩොලර් මිලියන් 07 ක් ශ්‍රි ලංකා රජයට වංචා කිරීම  වැනි  ඉතාම බරපතල  චෝදනාවක්  පිලිබදව  පොලිස්  විමර්ශණ සිදුකල  පොලිස් නිලධාරින්  ඉවත් කොට මෙම නඩුව පිලිබදව කරුණු  නොදන්න පොලිස් පරික්ෂක  සංජය  නැමති අයෙකු අධිකරණයට එවීමෙන් පොලිසිය සැකකරුට ඇප ලබා ගැනීමට වක්‍රාකාරව   සහයෝගයක් ලබා දෙන්නේ දැයි  අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවට දැඩි ලෙසට දෝශ දර්ශණයට ලක් කලේය.  

ඇමරිකානු ඩොලර් මිලියන 07 ක්  ලංකාවේ රුපියල් 25,000 ට වඩා වැඩි බව පොලිසිය නොදන්නවාදැයි තමාට ගැටළුවක් බව රංග දිසානායක මහතා මෙහිදි පැවසීය.

මේ වනවිට අපරාධ පරික්ෂණඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂක පොලිස් අධිකාරි තිලකරත්න නැමති වසර 14 ක් මහින්ද රාජපක්ෂ ගේ කාල්ටන් නිවසේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය. මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මුලුමනින්ම දේශපාලනීකරනය වී ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like