මාධ්‍ය නිවේදනයයි,
අධ්‍යක්ෂක/ප්‍රවෘත්ති කතෘ,
ශ්‍රී ලාංකීය ජනතාවගේ සිවිල් ජීවිතයේ වඩාත් සමීපතම සේවාවක් ඉටු කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් විසිනි. රටක නීතිය හා සාමය රැකීම පමණක් නොව සිවිල් වැසියන් ගේ දෛනික ජීවිතයට වඩාත් සමීප සේවාවක් ඉටු කරනු ලබන්නේ පොලිස්නිලධාරීන් විසිනි.
ජාති, ආගම් ,කුල දේශපාලන, භේදයකින් තොරව සැමට එක සමානව නීති ක්‍රියාත්මක කරනු දැකීම ජනතා අභිලාෂය වර්තමානයේ අසු නම දාහකට ආසන්න සාමාජික සාමාජිකාවන් සිටින ශ්‍රී ලංකා පොලිස් සේවාව වසර 156 ඉතිහාසයකට හිමිකම් කියයි. මෙවැනි පොලිස් සේවාවකට වර්තමාන සිදුව ඇත්තේ ඉතා අභාග්‍ය සම්පන්න තත්වයකි.අද සමස්ථ පොලිස් සේවාවම දේශපාලනීකරණය වී හමාරය.අද සෑම පළාතකම පොලිස් ස්ථානාධිපතිවරයා පමණක් නොව නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොට්ඨාස භාර පවා පත් කරනු ලබන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ පූර්ණ කැමැත්ත සහ ඔවුන්ගේ ලිඛිත අනුමැතිය මත පමණි.මෙම තත්ත්වය උදාවීමට පැවති රජයන් ද සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
අද පොලිස් සේවාව මුළුමනින්ම පවතින ආණ්ඩු රැකගැනීමේ සහ ආණ්ඩුව අතකොළුවක් බවට පත්ව ඇති මෙම තත්ත්වයට යම් යම් කරුණු අඩු වැඩි වශයෙන් බලපෑවද ප්‍රධානතම සාධකය නම් සමස්ත දෙපාර්තමේන්තුවම අද වනවිට දේශපාලනීකරණය වීමයි. මෙහි උච්චතම අවස්ථාව නම් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිරගත කිරීමයි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පතිවරයෙකු සිරභාරයට ගෙන සිර අඩස්සියේ තැබීමට කටයුතු කිරීම ඉතාමත්ම නින්දාසහගත අප්‍රසන්න සිදුවීමක් බවට ශ්‍රි ලංකිකයන් ලෙසට ලැජ්ජහවීමට සිදුවනු ඇත.
රටේ සේනාධිනායක වශයෙන් හිටපු ජනාධිපති සිරිසේන තම වගකීම පැහැර හැර හිතාමතාම රටේ ජනතාව අනාරක්ෂිත කොට ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමට ඉඩහැරීමට වගකිවයුතු වුවත් , ඊට පොලිස්පති පුජිත ජයසුන්දර මහතාව බිල්ලට දුන්නේ සිරිසේන ජනාධිපති ගේ හැකියාවක් නිසා නොව පොලිස්පති ලෙසට ජයසුන්දර මහතා නිර්භීතව තම වගකීම ඉටු නොකල නිසාවෙන් බව පොලිස් නිලධාරින් වශයෙන් අපි පිලිගත යුතුය.සමස්ත පොලිසිය කෙරෙහිම ජනතා තුළ ඇත්තේ දැඩි වෛරයක් සහ කිසිදු විශ්වාසයක් නොමැති බවකි, එසේම නිලධාරින් ද දැඩි ඉච්ඡා භංගත්වයට පත්ව ඇති බව ඔබ පිළිගන්නා කරුණකි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සේනාධිනායක සහ විධායක ජනාධිපති ධුරය හොබවමින් තමාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් සමස්ත දෙපාර්තමේන්තුවම දේශපාලනීකරණය කිරීමට මහත් වෑයමක් ගත් පුද්ගලයෙකි. එවැනි ජනාධිපති වරයෙකු වෙනුවෙන් පොලිස්පතිවරයෙකු කොන්ද කෙළින් තබාගෙන වැඩ නොකිරීමේ අවසන් ප්‍රතිඵලය වුයේ පොලිස්පතිවරයා ලෙසට ඔහු සිදුකලේ දේශපාලකයන් ගේ උවමනාවට නිතිය නමා අපරාධකරුවන්ට වංගු ගසායාමට ඉඩසකස්කරදීමයි. එහි අවසාන ප්‍රතිඵලය භුක්ති වින්දේ පුජිත ජයසුන්දර නැමති පුද්ගලයාට වඩා සමස්ථ පොලිස් සංහතියම වීම ඉතාම ඛෙදජනකය.
මෙය සමස්ත දෙපාර්තමේන්තුව තුළ ම අනාගතයේ පැමිණෙන පොලිස්පති වරුන්ටත් ඉතාමත් හොඳ පාඩමක් බව කිව යුතුමය.
මේ නිසාම ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ නීතිය සාමය ඉටු නොවන අරාජික තත්වයක් උදා වී ඇත. පොලිස් නිලධාරීන් ඉදිරිපිට දීම රජයේ දේශපාලන මැරයන් අහිංසක ජනතාවට පහර දෙන දසුන් පමණක් නොව පොලිස් නිලධාරීන්ට පහර දෙන අයුරු මේ දිනවල මාධ්‍ය තුළින් ප්‍රචාරය වේ .අද පොලිස් සේවාවේ බිඳවැටීම පොලිස් නිළධාරීන් විසින් ද තම සහෝදර නිලධාරීන්ට වෙඩි තබා මරා දමන තත්ත්වයකට පත්ව ඇත.
ස්වාධීන පොලිස් කොමිසන් සභාවක් මේ වන්විට පිහිටවා තිබුණත් එය මුලු මනින්ම මහළු මඩමකි. ඉතාම වයෝවෘධ මහල්ලන් පිරිසක් තෝරා ඉතාම සුඛෝපභෝගි වාහන පහසුකම් සියල්ලම දී ඔවුන් මරඇදනකම්ම ජනතා මුදලින් පෝෂණය ලබන පිරිසක් මිස පොලිස් දෙපාර්තමේන්තුවට තබා රටේ උන්නතිය වෙනුවෙන් මේ තාක් කිසිවක් කතා කර නැති පිරිසකි. හරිහැටි නීති ක්‍රියාත්මක කරන අවංක දක්ෂ නිලධාරීන්දේශපාලකයින්ගේ නින්දිත ස්ථාන මාරුවලට එරෙහිව කතා නොකරන පොලිස් කොමිෂම විශ්‍රාමිකයින්ගේ අම්බලමක් බවට අද වන විට පත්ව ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංධිස්ථානය පැමිණ ඇත මේ මොහොතේ කිසිදු දේශපාලනික බලපෑමකට යටත් නොවී ඔබට පැවරී ඇති වගකීම සාධාරණ සහ යුක්ති සහගත ලෙස තම රාජකාරිය කරනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව සිහි තබාගත යුතුය.
එසේ නොමැතිව ඔබ නීතිවිරෝධී නියෝග කරමින්, හෝ නියෝග දෙමින් දේශපාලකයින්ගේ අතකොළුවක් බවට පත්ව රාජකාරි කළහොත් ඔබ පමණක් නොව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම ජනතාවගේ වෛරයට පත් වීම කිසි දවසක වලක්වාගත නොහැක . ලංකා පොලිස් සේවාව දේශපාලන මුදාගැනීමේ අන්තර්ජාතික සංවිධාන ලෙස අප ශ්‍රී ලාංකීය නිලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කිසිදු දේශපාලන බලපෑමට යටත් නොවී පක්ෂ විපක්ෂ සියලු දෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
එවැනි අවස්ථාවකදී ඔබට යම් අසාධාරණයක් සිදු වුවහොත් ඔබගේ ජීවිතාරක්ෂාව සහ ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පුද්ගලිකවම අප සංවිධානය මැදිහත්ව ක්‍රියාකරන බව දැනුම් දෙනු කැමැත්තෙමු.
සාධාරණ, යුක්තිගරුක , රටක් ගොඩනැගීම නීති ආධිපත්‍ය ,බලගැන්වීමට ඔබට කිසියම් තොරතුරක් හෝ ඔබට සිදුවන කිසිදු අසාධාරණයක් ඇත්නම් කරුණාකර පහත සම්බන්ධ මාධ්‍යයක් හෝ දුරකථන මාර්ගයෙන් අපව ඇමතීමට ඔබට සියලුම පහසුකම් සලසා ඇත .
ඔබ අපට දෙනු ලබන සියලු තොරතුරු ඉතාමත්ම රහසිගතව අපි තබා ගන්නා අතරම කුමන තත්වයකවත් ඔබ පාවා දීමට කිසිසේත් කටයුතු නොකරන බවද ඔබට සහතිකව කියා සිටින්නෙමු.
මෙයට,
කැදවුම්කරු,
හිටපු පොලිස්පරික්ෂක
අජිත් ධර්මපාල
ශ්‍රි ලංකා පොලිසිය දේශපාලන්යෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP) එංගලන්තය.
email; [email protected]
whathsapp :00447427420089
mobile :0044-7427420089