උණුසුම් පුවත්

ලංකා දවසේ 04 වන උපන්දිනය අදයි…………!!

Spread the love

ශ්‍රී ලංකාවේ මේ වනවිට බොහෝ මධ්‍ය තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප මෙම පුවත් පතින් බලාපොරොත්තු වෙන්නේ ඉදුරාම ඊට  වෙනස් ගමනක් යාමටය.

දැනට තිබෙන බොහෝ පුවත්පත් වලට නෑකම් කියන දේශපාලන පක්ෂතිබෙන නමුත් අපගේ පුවත්පතට කිසිදුදේශපාලන නෑ සම්බන්ධකමක් නැත.
ආණ්ඩු එති  , යති  , ඒත්   රජය කිසිදාක වෙනස් නොවේ. මෙන්න මේ නිසාම අපේ අරමුණ ලංකා රජය විනාශ කිරීමට, හෝ ඒ රජයේ  ජිවත් වෙන ජනතාවට එරෙහි වන ඕනෑම තැනකදි වෙබ් මාධ්‍යක් ලෙස ඊට එරෙහිව ජනතාව පෙල ගැස්සිමය.

2017 වසරේ පෙබරවාරි 4 වැනි දින ඇරඹි ලංකා දවස මාධ්‍ය මේ වන විට වසර 04  අද වන විට  .සපුරනු ලබයි මෙය හුදෙක් දේශපාලන ඥාති සම්බන්ධයකින් තොරව ජනතාව සමඟ එකට අත්වැල් බැඳගෙන යන ගමනකි.  රටේ ආණ්ඩු එති යති එහෙත් රජයේ ජීවත්වන ජනතාව ෙනුවෙන් එන සහ යන ආණ්ඩු කුමන ක්‍රියාමාර්ගයන් ගන්නේද ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු නොකර ඔවුන් ජනතා මුදලින් කුමක් කරන්නේද යන්න පිළිබඳව දේශපාලන ආර්ථිකමය සමාජීය කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙමගින් අපි කටයුතු කරමු

 විශේෂයෙන්ම පසුගිය වසර 04 කාලය තුළ ඉතාමත්ම කැපවීමෙන් එම කාර්යය මාස මගේ සහෝදර කණ්ඩායම ඉටුකිරීම පිළිබඳව ජනතාව වෙනුවෙන් මා ඔවුන්ට ස්තුතිවන්ත වෙන අතර මේ වන විට දිනෙන් දින අප පුවත්පත හා බැඳී එකතු වන ජනතාවට ඉදිරියටත් කිසිදු දේශපාලන සම්බන්ධයකින් තොරව සත්‍යය සත්‍යය ලෙසත් වරද වරද ලෙස පෙන්වා දීමට කිසි විටෙකත් මැලි නොවන බව ඔබට පසක් කරමින් ලංකා දවස තවත් වසරක ඉදිරියට යෑමක් අදින් ඇරඹෙයි

 

ප්‍රධාන කතෘ
ලංකා දවස.


Spread the love

Leave a Comment

You may also like