උණුසුම් පුවත්

පොලිස් නිලධාරින්ගේ තනිකඩ භට නිවාස මිහිපිට අපායක්, මන්නාරම් පොලිසියේ දී ඩෙංගු හැදී 02 මරුට 14 ක් අසාධ්‍යව රෝහලේ ඒත් උසස් නිලධාරින් සිංදු කියමින් රට වටේ………..??

Spread the love

ඉතාම අවම පහසුකම් යටතේ දින 365 ම දිවා රාත්‍රි රජකාරි ඉටුකරන පොලිස් නිලධාරින්ට අද උදාවී ඇත්තේ මරණය පෙනිපෙනී පොලිස් බැරැක්ක තුල ජීවත් වීමටයි.

මන්නාරම් ප්‍රදේශය තුල මේ වනවිට දැඩි ඩෙංගු මදුරු උවදුරක ඇති අතරම පාලකයන් ඊට නිසි අවධානයක් යොමු නොකර තිබීම නිසාම පසු ගිය දින පොලියේ තරුණ නිලධාරින් දෙදෙනෙකු මරමුවට පත්විය . පොලීසියේ උසස් නිලධාරීන් මාසික වාර්තා වූ මාසික වාරික පරීක්ෂණ සහ අර්ධ වාර්ෂික පරීක්ෂණ පැවැත් උවත් කිසිදු අවස්ථාවකදී ස්ථානයේ නිලධාරීන්ට වාසය කළ හැකි පරිසරයක් තිබේ දැයි පරීක්ෂා නොකිරීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

එසේ වුවත් බොහෝ නිලධාරීන් එවැනි  තත්ත්වයක් ගොඩ නැගීම කළ යුත්තේ ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බවට තේරුම් ගෙන තිබීම ඉතාමත් ම අවාසනාවකි අද වනවිට පොලිස් කොස්තාපල්වරුන් ජීවත්වන තනිකඩ

භට නිවාස වලින් මෙවැනි මරණ ඉදිරියටත් ඇති නොවීමට සහකාර පොලිස් අධිකාරිවරුන් ගේ පටන් ඉහළ නිළධාරීන් දැඩි අවධානයක් යොමුකොට නිලධාරීන් ලවා ඒ අඩුපාඩු පිළිසකර කිරීමට ඔවුන්ගේ වැටුපෙන් පළාතේ වෙනත් නීති විරෝධී පුද්ගලයින්ගෙන් මුදල් එකතු කරනවා වෙනුවට ඒ සියලු අඩුපාඩුකම් රජයේ වියදමින් සිදු කොටමැනවින් නිලධාරීන්ට ජීවත්විය හැකි මානසික පරිසරය සහ කායිකව නිලධාරීන්ට නිදහසේ නිදාගැනීමට සුවපහසු  ඇති කිරීම වේ.

 මන්නාරම් ප්‍රදේශයේ මේවන විට දැඩි ඩෙංගු උත්සන්න වීමක් පෙන්නුම් කර ඇති බව ප්‍රදේශය පිළිබඳව සොයා බැලීමේදී පෙනීයයි එහෙත් මේ වන විට රාජ්‍ය බලධාරීන් කිසිදු තැකීමක් නොකර මන්නාරම් ප්‍රදේශයේ පවතින ඉතාමත්ම අඩු වෛද්‍ය පහසුකම් සහ ඉතාමත්ම අඩු සෞඛ්‍ය පුරුදු  මූලිකව හේතු වී ඇති බව ඒ පිළිබඳ සොයා බැලීමේදී හෙලිවිය.

අද පොලිස් දෙපාර්තමේන්තුවට අහිමි වූ තරුණ නිලධාරීන් දෙදෙනෙකුගේ ජීවිත පමණක් නොව තවත් නිලධාරීන් දාහතර දෙනෙකු මේ වනවිට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්පතිවරයාගේ සහ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වගකීම මේ වන විට අසනීප  නිලධාරීන් වහාම පොලිස් රෝහල වෙත මාරු කොට යවා ඔවුන්ට අවශ්‍ය නිසි වෛද්‍ය පහසුකම් ඉතා ඉක්මනින් ලබා දීමයි.

එසේ නොමැතිව නිලධාරීන් මියගිය පසු ඔවුන්ට ඔවුන් වෙනුවෙන් උත්තමාචාර කිරීම තුළින් සිදුවන්නේ police පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය කඩා වැටීමකි.

මේ නිසාම සිදුවන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිලධාරීන් ඌනතාවයක් ඇති වීමයි දැන් වහාම කළ යුත්තේ පොලිස් උසස් නිලධාරීන් අනිකුත් පොලිස් ස්ථානවල පිහිටි තනිකඩ භට නිවාස පිළිබඳව දැඩි අවධානයක් යොමුකොට එම නිලධාරීන්ට ජීවත්විය හැකි මදුරු උවදුරෙන් සහ අනෙකුත් බෝවන රෝග වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීමයි.

ඒත් පොලිසියට ඕනෑතරන් නිලධාරින් බදවා ගනි. තම අහිමි වු දරුවාට තවත් දරුවෙකු ඒ පවුලට කිසිකලකත් බදවා ගැනීමට නොහැකිය.

එක් දෙයක් නම් කිවහැකිය,පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ගෙන් පහල හැමෝම මර ඇදුනත් ඩෙංගු පිට ඩෙංගු හැදුනත් , ලංකාවේ පොලිස්පති  ඇස් ඇර නොබලන බව නම් සහතිකය  ඒ නිසා තමා ගේ ආරක්ෂාව තමාම සපයාගතයුතු කාලය දැන්  එලබ ඇත.

06/0200


Spread the love

Leave a Comment

You may also like