උණුසුම් පුවත්

ඇත්තටම දැන් සිස්ටම් චේන්ජ්…………නාමල්ගේ හා රෝහිත රාජපක්ෂ ගේ නැන්දයි මාමයි දෙන්නම එයාර් ලංකා අධ්‍යක්ෂකවරු ලෙස පත් කරයි…..!!

Spread the love

සිස්ටම් චේන්ජ් කරන්න යැයි පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය හා  රාජපක්ෂගේ රෝහිතරාජපක්ෂගේ නැන්දණිය එයාර් ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයට අද දින පත් කළ බව අප වෙත වාර්තාවී ඇත.

නාමල් රාජපක්ෂගේ බිරිඳ ගේ පියා වන  කලක් වෙරලේ බීජ් බෝයි කෙනෙකු ලෙසට නම්දරා සිටි තිලක් විරසිංහ  හා රෝහිත රාජපක්ෂ ගේ බිරිද ගේ මව වන ගේබ්‍රියල් ද ලිවේරා  අද ගුවන් සමාගමේ airport aviation service limited සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන්  ජනාධිපතිවරයා විසින් පත් කර  ඇත.

වසර ගණනාවක පටන් රාජපක්ෂ පවුලේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව අපමණ ධනස්කනදයක් වැය කළා දැයි යන්න දන්නේරටේ ජනතාව නොව ඒවා යහමින් කා දැමු රාජපක්ෂලාය.   නැවතත් එය අලුත් කරමින් 2020 ජනාධිපති සටන රාජපක්ෂලා නැවතත් ඒ මාර්ගයට එක් කරමින් මේ වන විට දරුවන්ගේ බිරින්දෑවරුන්ගේ මවුවරුන් සහ පියවරුන්ද රට කෑමට ඔවුන්ටද යහමින් රාජපක්ෂලා දැන් බෙදෙමින් ඇති බව මෙයින් පෙනී යයි. රෝහිත රාජපක්ෂගේ බිරිඳගෙ මව  වන ගේබ්‍රියල් ද ලිවේරා  air lanka aviation සමාගමේ අධ්‍යක්ෂකවරියක් වශයෙන් ජනාධිපතිවරයා පත් කරන ලද්දේ කිසිදු විලි ලැජ්ජාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ යුතුය.

 මෙම තැනැත්තිය ඇති එකම සුදුසුකම වන්නේ රෝහිත රාජපක්ෂගේ බිරිඳ මව වීමයි. මේ නිසා ශ්‍රී ලංකා ජනතාවට මේ වන විට ඔවුන්ගේ සියළුම පවුල් හිතමිතුරන්ගෝඨාභය ගේ සිස්ටම් චේන්ජ් කිරිල්ල මෙයින් ඉතාම හොදින් අවබෝධ වන බව රටේ එක් විද්වතෙක් අපවෙත දුරකථනයෙන් කියා සිටින ලදි.   රාජපක්ෂ පවුල වසර කීපයක් තිස්සේම ජනතා මුදල් කොල්ල කමින්සිටි මොහොතක දී ඒ කොල්ලය නතර කොට , ඉතාමත්ම වෙහෙසක් ගෙන 2015 වසරේ දී ජනතාව විසින් පන්නා දැමූ වත් නැවතත් ජනතාව ම රාජපක්ෂලාව බලයට ගෙනාවේ  ඔබ පවුල දුක් නොවිඳ සැප විඳිය යුතු යැයි සිතා වියයුතුයි.

මේ දෙදෙනාට වැටුප් ලෙසට එක් අයෙකුට රුපියල් 3,69,500     බැගින් ගෙවනවා ඇත . ඒ අනුව රටේ අහිංසක මිනිසුන් ගේ බදු මුදලින් මේ මුදල් ගෙවනු ඇත.

ඒ නිසා දැන් ඇත්තේ නැන්දලා මාමලාට යහමින් කන්ඩ ඉඩ දී රටේ ජනතාව නොකා නොබී ඒ දෙස සතුටින් බලා සිටීමේ යුගයයි. 

06/2000


Spread the love

Leave a Comment

You may also like