වෙනත්

ගොලයන්ගේ කෙලියෙන් ගුරන් ලැජ්ජහ වියයුතු නොවේ ද….? මංත්‍රිවරුන් ගේ මේ හැසිරිමට ජනාධිපති අගමැති ජනතාවගෙන් සමාව ගත යුතුයී

Spread the love

ලංකාව කිසිම විනයක් නැති රටක් බව කිමට වෙනම අටුවා ටිකා ටිප්පනි ඕනෑ නොවේ. දිනපතාම රිය අනතුරුවලින් බිලිගන්න ජිවිත ගැන කිසිම තැකිමක් නැත. බොහොමයක් රිය අනතුරු සිදුවන්නෙ මාර්ගයේ විනයක් නොමතිකම නිසාය. මාර්ගයේ විනය ඇති කිරිමටනම් ගෙදර විනය තිබිය යුතුය. අද පාසැල් දරුවන් අතර කොපමන ගුටිකෙලිද..?
මේ අප්‍රසන්න තත්වයට වගකිවයුත්තේ මුලින්ම ජනතාව උවත් මේ පක්ෂ දෙකෙම අය කරන්නේ එකම නාඩගමය. වාසනාවකට මෙන් ලංකාවේ ජනතාවිමුක්ති පෙරමුණ ඉතා දැඩිව තම පක්ෂයේ විනය ගැන දැඩි අවධාන්යෙන් සිටි.එක් අතකින් ඒ පක්ෂයට ඡන්දය දුන් ජනතාවට සතුටු විය හැකිය.
අද රනිල්, මෛත්‍රි, මහින්ද මේ තුන් කට්ටුවම ලැඡ්ඡාවිය යුතුය. රටකට නිති සම්පාදනය කරන මංත්‍රිවරුන් ඉතා ආදර්ශමත් විය යුතුය එත් අද සිදුවන්නෙ කුමක්ද ? මේ පුද්ගලයන් කුණුහරුප කියමින් කෝලම් මඩුවක් කරමින් ජනතාවට ඔවුන්ගේ හෙලුව පෙන්නමින් ඩෙගා නටන් නට ඉඩදි මේ තුන් කට්ටුව බකන් නිලාගෙන සිටිනවා.
මෛත්‍රිපාල ජනාධිපති පලමුවම කල යුත්තේ රටේ විනය හැදිමට පෙර තමා තම පක්ෂයේ විනය සහිත පක්ෂයක් සාදා ඒබව රටට පෙන්නා සිටිය යුතුයි.


Spread the love

Leave a Comment

You may also like