දේශපාලන

යහපාලනයට බිලිගෙන ඇති රටේ නීතිය

Also available in: English (English)

Spread the love

රටක් භීතියට පත් කරමින් අහිංසක ජීවිත බිලිගත් කුරිරු ත්‍රස්තවාදයට තිත තැබීමට දේශපාලන නායකතවය ගත් මහින්ද රාජපක්ෂ විසින්ම නැවත රටතුල භීෂණයක් අතිකරනලදී. 2009 දී ප්‍රභාකරන්ගේ භීෂණය තුරන් විය. 2015 මහින්දගේ භීෂණයත් තුරන් කිරීමට ජනතාව එක සිතින් පෙලගැසුනි එහිදී ජනතාව බැලුවේ මහින්දට එරෙහි වන්නේ කවරෙක්ද, ඔහු රටේ ජනාධිපති කලයුතු බවකි. සිංහල දෙමල මුස්ලිම් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා සිටි සිසුන් 10 දෙනෙකු මරා දමා තිබෙන බවට මේ වනවිට පරීක්ෂණයක් පවතී.

මොනවා නැතත් නිදහසේ ජීවත් වීමට මිනිස්සුන්ට ඕනෑ බව ඉතා තදින්ම දනුනේ ඔහුගේ කාලයේය. රාජපක්ෂ පාලනයට එරෙහිව ජීවිතය පරදුවට තබා එළියට බැස්ස මෛත්‍රීපාල ජනාධිපතිවරයා ලංකාව පුරා යමින් කීවේ රාජපක්ෂවරුන්ගේ භීෂණ නීතිය හමුවට ගෙන එන බවයි. ඒත් අද සිදුවන්නේ මෛත්‍රීපාල ජනාධිපති වරයා මිනීමරුවන් සමඟ යහන්ගතව සිටීමයි. රජපක්ෂ පාලනයේ මිනීමරුවන් අත්වඩංගුවට නොගනීමෙන් අම්මමෝ නැතිව බැන්නේ රනිල්ටය. එහෙත් මිනීමරුවන් පිටිපස්සෙ ඉන්නේ මෛත්‍රී බව දැනගනීමට ජනතාවට වැඩි කලක් ගත නොවීය. මෙහි ආසන්නතම සිද්ධිය නම් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ අනුදැනුම මත සිදුවූ මිනීමරුමයි. ප්‍රධාන පෙලේ මිනීමරුවකු වන නේවි සමන් නොහොත් නාවික හමුදා අධි සහයක සම්පත් මුණසිංහ ගේ ප්‍රශ්න කිරීමේදී වසන්ත කරන්නාගොඩ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම දැන් සිටින නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුනවර්ධන ගේ නම් ද කියවිනි.

කරන්නාගොඩ අත්තඩංගුවට පත් වීම වලක්වා වීමට මොවුන් යුහුසුලුව කටයුතු කලා. ජනාධිපති ම් සිරිසේන මහතාව හමුවී වර්තමාන නාවික හමුදාපතිවරයා මෙම ලමුන් පැහැරගැනීම පිලිබද අසත්‍ය්ය තොරතුරු කියා ඇත.ජනාධිපතිවරයා මේවනවිට පැහැදිලිවම අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටී.අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට බාධා කරමින් ජනාධිපතිවරයා කරන්නාගොඩ ඇතුලු අපරාධකරුවන් අත්තඩංගුවට ගැනීම වලක්වා ඇත.මෙයින් පැහැදිලි වන්නේ ජනාධිපති මුක්තිය පාවිච්චිකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නීතිය යහපාලන රෙද්ද අස්සේ ගැසීමයි.

යහපාලන රටවැසියා.


Spread the love

Leave a Comment

You may also like