උණුසුම් පුවත්

රටේ සල්ලි එක් කෝටි අසු හතර ලක්ෂයක් කාබාසිනියා කර පාර්ලිමේන්තු යැවු මංත්‍රිවරු පාර්ලිමේන්තුවේ දී ජනතාවට ඔවුන්ගේ හෙලුව පෙන්නයි..

Spread the love

රටකට නුහුලන ගානකට ඇමතිවරු පත්කරගෙන උන්ගේ හත්මුතු පරම්පරාවටම් කන්න ,අදින්න, යාන , වාහන ,මදිවට කාම සන්තර්පනයට අඔඋවන් පවා රජයේ වියදමින් දෙන එකම රට ලංකාවයි.
අතිදුප්පත් රටක් වෙන ලංකාව ජනතාවට නොමිලේ බෙහෙත් ටික දෙන්න තියන සල්ලි වලින් මිනීමරාගෙන ඡන්ද තියගෙන පාර්ලිමේන්තුවට යන්නේ රටට සේවය කිරිමට නම් නොවේ . මේ 226 දෙනාගෙන් ඉතාම අතලොස්සක් දෙනාට මේ රටට යමක් කලයුතු වුවත් ඊට ඉඩ නොදෙන කාලකන්නින් කවුද කියලා දැන් රටම දනි.

මේ කාලකන්නි බුරුත්තම පාර්ලිමේන්තුවට තෝරායැවිමට පමණක් රුපියල් එක්කොටි අසුහතර ලක්ෂයක් වියදම් කර ඇත. ඒ ගියදා ඉදන්ම මුන් තමුන්ගේ හැත්ත බුරුත්තම පාර්ලිමෙන්තුවට ගෙන්නා ගෙන කකා බිබී සිටි.
ලෝකයේ දියුණු රටවල තිබෙන පාර්ලිමේන්තු සම්ප්‍රධායන් බොහොමයක් අපේ පාර්ලිමෙන්තුවේ ද ඇත. ඒත් මේ උත්තරිතර ආයතනයට තෝරා යවන්නෙම කුපාඩිකම් කරන, ඇගේ හයිය හත්තිය තියන බේබද්දන්, හොරු, වැනි පාහරයන්ය. මුන් ගියදා පටන් කරන කියන දේවලට වෙන සාක්ෂි අවශ්‍ය නොවන්නේ ජනතාව මුන් ගැන දන්න නිසාත් මේ දිනවල ඕනැවටත් වඩා දැන් දැකිය හැකි නිසාය. මේවාට වැරදි ඒ අහිංසක උතුමන්ලා නොවේ. අපේ මජර ජනයාය.
1931 ලැබුන සර්වඡන ඡන්ද බලය අද බල්ලා මාක් එකට වැටි තිබෙන බවනම් කිවයුතුය. තල වපුරා මුං බලාපොරොත්තු විය නොහැක්කා සේම පාර්ලිමේන්තුවට යවන්නේ කුපාඩියන්, බේබද්දන් ,බුකිකරුවන් නම් උන්ගෙන් උගත් ආචාර්ය මහාචාර්‍ය වරුන්ගේ විනයක් බලාපොරොතු විය නොහැක.
දැන්වත් ජනතාව ඇස් කණ් ඇර බලා තමුන් වෙනුවෙන් හඩනගන්න යවන මුන් රටේ සල්ලි කකා හු කියකිය ඉන්නවාද නොසේනම් තම උවමනාව ඔහු ඉටු කරනවාද යන්න බලා ඊළඟ පාර වත් මෙවනි උන් එලවාදැමිමට සිතට ගතයුතුයි.


Spread the love

Leave a Comment

You may also like