දේශපාලන

දවසේ සිකුරාදා…ජිවිත පරිත්‍යාගයෙන් පිහිටවු යහපාලනයත් .බල්ලන් සමග නිදාගෙන මැක්කන් සමග නැගිටීම වගේය…….

Spread the love

ගමේ කතාවක් තියනව බල්ලන් සමග නිදාගත්තොත් බලු මැක්කන්සමග නැගිටින්න වෙන්නෙ කියලා . ඇත්තටම ඒ කතාව ඇත්තම බව මේ යහපාලනය දිහා බලපු ගමන් පේනව.
අද වෙනකොට මෛත්‍රිපාල ජනාධිපතිට වෙලා තියෙන්නෙත් මේ සන්තැසියමයි. හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මහින්දව දිනවන්න වේදිකා ගානේ බැන බැනගිය හොරු රැල මෛත්‍රිගේ ලගට අර ගෙන ඇමතිකම් දෙන්න කියලා නෙමේ. මෙහෙම තමා මිනිස්සු කියන්නෙ.
දැන් නම් යහපාලනය ඉවරටම ඉවරයි. තාම යහපාලනය තියෙන්නෙ හොරු, මංකොල්ල කරුවන් ලග විතරයි. ඒකතාව ඇත්තම තමා. මේ ආණ්ඩුවේ තමා අසාර්ථකම කැබිනට් මණ්ඩලය තියෙන්නේ.. සිරිමාවොලා, ජේ ආර්.ලාගේ කාලෙනම් කැබිනට් රහස් තිබුණා. ඒ විතරක් නෙමේ කැබිනට් මණ්ඩලේම ” සාමුහික වගකීම ” කියන දේ ඉතාම ඉහලින් රැක්කා කෝ දැන් මේ ඉන්න නඩය සාමුහික වගකිමේ වචනය දන්නෙත් නෑ. …
සුසිල් ප්‍රේම ජයන්තලා, ඩ්ලාන්ලා,එස්.බිලා මේගොල්ලන් කැබිනට් එකෙද ඉන්නෙ කියලත් හිතෙනව වෙලාවකට. අද වෙනකොට කෙලින්ම ආණ්ඩුවට එලිපිටම පලු ගැල වෙන්න බනිනව. ඩිලාන්ට යහපාලනය නයාට අදුකොල වගේ මොකද …..? මෛත්‍රිව බලයට ගේන්න මුල්ම කටහඩ අවදිකලේ සොභිත හාමුදුරුවො ඉතිං ඩ්ලාන් වස කුප්පි ගෙනත් දවස ගානෙම මධ්‍ය සංදර්ශන තියලා කිවුවෙ සොභිත හාමුදුරුවොන්ට වස බොන්න කියලා පුදුමේ එහෙම කියපු ඩ්ලාන් ජනාධිපති ලංකරගෙන තමාගෙ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකමත් දිපු එකයි.
ඇත්තටම දැන් ජනාධිපතිටත් යහපාලනය එපාවෙලාද මන්දා …මේ ආණ්ඩුවේ කැබින්ට් එකේ නායකයා ජනාධිපති ඉතිං එහෙනන් මොන මඟුලකටද මෙහෙම ඇමතිවරුම ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ. එහෙනන් මෙහෙමයි හිතන්ට වෙන්නෙ මෛත්‍රීට රනිල්ට කියාගන්න බැරි දේ ඩිලාන්ලා, සුසිල්ලා ,ලක්ෂ්මන් යාපලා හරහා කියවනවද කියලයි. කොහොම උනත් දැන් මේ යන විදිහට මෛත්‍රිත් මහින්ද ලඟම ගිහින් නතර නොවුනොත් තමා පුදුමේ
මෙහෙම කියන්නේ එදා මෛත්‍රි බලයට ගෙන්න රට පුරාම ජිවිත පරිත්‍යාගයෙන් ගිය යහපාලන පෙර ගමන් කරුවන්ය.

අජිත්


Spread the love

Leave a Comment

You may also like