ලසන්ත ඝාතනය කර ඇත්තේ ශ්‍රී ලංකාරජයේ උවමනාවට හමුදාව විසින් බව කැලිෆෝනියා අධිකරණයට දැනුම්දෙයි මේ වන විට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් පවරා ඇති තම පියාගේ ගාතනයට ඇමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියා අධිකරණයේ පවරා ඇති නඩුවේ කරුණු ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මෙම සිද්ධිය වන විට ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය සේවකයෙකු වශයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රියා කර ඇති බවයි.
තම සේවාදායකයා රාජ්‍ය බලධාරීන් ගේ නියෝග සහ ඔවුන්ට පැවරී ඇති රාජකාරිය ඉටු කරා ඇතුවා මිස කිසිදු අවස්ථාවක ඔහු පුද්ගලික අභිමතාර්ථය අනුව කටයුතු නොකළ බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් කැලිෆෝනියා අධිකරණයට දැනුම්දී ඇත.
ඒ අනුව ඇමෙරිකානු පුරවැසියකු වත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විමුක්තිය බලපාන බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු අධිකරණයට සැළ කර ඇත මේ අවස්ථාවේදී අධිකරණය නිගමනය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ලේකම් වරයෙකු වශයෙන් රජයේ බලධාරීන්ගේ නියෝග ඉටු කර ඇති බවයි ඒ අනුව ඔහු නිදහස් කර එම නඩුව ඉවත දමා ඇත.
වික්‍රමතුංග ඝාතනය ශ්‍රී ලංකා රජය සිදු කරානම් එවකට ආරක්ෂක සේනාධිනායකයා වශයෙන් කටයුතු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මෙහිදී ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරිපත් කර ඇති කරුණු ඉතා ඉක්මනින්ම ගෝඨාභය රාජපක්ෂට ම පාරාවළල්ලක් වනවා නොඅනුමානය.
එසේ වන්නේ තමා මෙම ඝාතනය සිදුකර ඇති බවට ව්‍යංගාර්ථ ව කියා ඇති බවත් ඒ සඳහා තමාට නියෝග නිකුත් කර ඇත්තේ තම සහෝදරයා වූ සේනාධිනායක මහින්ද රාජපක්ෂ බවයි නොඑසේනම් මෙහිදී තවත් ප්‍රශ්නයක් පැන නගිනු ඇත ගෝඨාභය රාජපක්ෂ එවැනි එවැනි අපරාධයක් සම්බන්ධ වූයේ මහින්ද රාජපක්ෂගේ දැනුම්දීම මත ද නොඑසේනම් තමාගේ උවමනාව මත ද ……………?
රාජපක්ෂවරුන් තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී අනෙකා පිට වරද පටවා හෝ තමා ගැලවීමට කිසිදු පැකිලීමක් නොකරන ජාතියේ පුද්ගලයින් පිරිසකි ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ද තමාට එරෙහිව මේ අවස්ථාවේ දී පැන නැගී ඇති ප්‍රශ්නයෙන් ගැලවීමට ඔහු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ලංකා හමුදාව පාවා දුන් බවට තවත් සාක්කි කුමකටද …….?
මෙවැනි අවස්ථාවකදී තමාට එරෙහිව මිනීමැරීමේ චෝදනා වූ ඇමෙරිකානු පුරවැසියෙකු වශයෙන් එවැනි චෝදනාවකට අපරාධයකට සම්බන්ධ වූවා යැයි යන්න ශ්‍රී ලංකා රජයෙන් දඬුවම් නොලැබුවත් ඔහුට යම් අවස්ථාවක දී ඇමෙරිකානු රජයෙන් ඒ වෙනුවෙන් දඬුවම් විඳීමට සිදුවනු ඇත .
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ අසූ ඇත්තේ බරපතල ගුලකට ය එනම් තමා අධිකරණයට කියා ඇති පරිදි මේ අපරාධ සිදුකර ඇත්තේ සේනාධිනායක තම සහෝදර මහින්ද රාජපක්ෂගේ නියෝග අනුව බවත් එසේ නම් තමා ආරක්ෂක ලේකම් වශයෙන් තමාගේ සීමා වළලු වලින් එපිටට ගොස් රාජකාරි උවමනාවන් සඳහා කියමින් අහිංසක පුද්ගලයන් මරා දැමූ බවට ලොවටම මේ සාක්කියක් වනවා නොඅනුමානය .
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂයේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන් ලිපිය පහතින් ඔබට දැකගත හැකිය