උණුසුම් පුවත්

රනිල් 2015 ෆොන්සේකට නිතිය හා සාමය නොදි පියාබන්න බැරි සමනලුන්ට දුන්නේ ඝාතකයන් රැකගන්න.

Spread the love

දැන් ඝාතකයන් ගැන කතාකරන රනිල් වික්‍රමසිංහ 2015 දී රටේ ආරක්ෂාව හෝ නිතිය සාමය ගැන හිතුවානම් සාගල රත්නායක වැනි පියාබන්න බැරි සමනලයෙකුට නිතිය හා සාමය භාර දුන්නේ මොන මගුලක් කරන්න දැයි අපිට රනි ගෙන් ඇසීමට අයිතියක් තිබුනත් ඝාතකයන් ගැන කතාකිරීමට රනිල්ට හෝ මෛත්‍රිට නැති බව අවධාරනයෙන් කියාසිටිමු.

එදා හන්දිගානේ රැස්වීම තියපු රනිලා මෛත්‍රිපාලලා තාජුදීන්ලා ,ලසන්තලා ,එක්නැලිගොඩලා තොගපිටින් සේල් කරේ රටේ ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබාදෙමිනි. ඒත් අවසානයේ උන්කියපු ,මිනිමරුවන් පිලිබදව ඉතාම සුක්ෂමව පරික්ෂණ පැවැත්වු අපරාධ පරීක්ෂකයන් සියල්ල සොයා ගනිද්දී සාගල රත්නායක ලා වැනි පියාබන්න බැරි කාලකන්නි සමනල්ලු ඒ ජනතා බලාපොරොත්තු සුනු විසුනු කලෝය.

වජිර අබේවර්ධන ,සාගල රත්නායක්, වැනි රනිල්ගේ ගජමිතුරන් 2015 ජනතාව ගේ අහිලාෂයන් පාවාදී දැන් ජනතාවට කුමන කතාකීවත් ඇත්ත මේ වනවිට සමස්ථ ජාතියම නොදන්නවා නොවේ. රනිල් ගේ ඇති දෙබිඩි පිලිවත නිසාම එදා මෛත්‍රිපාල ෆොන්සේකාට රාජ්‍ය ආරක්ෂක හා නිතිය සාමය ඇමතිකම ලබාදෙන හදන විට ෆොන්සේකාට එක නොදිය යුතු බවත් එක සාගලට දිය යුතු බවත් කිවේ රනිල් මිස ජනතාව නොවේ.

එහෙම කරලා මිනිමරුවන්, රටේ ධනය හොරාකපු උන් මෙන්ම රාජපක්ෂලා ගේ නාමල්ලා ගේ ආරක්ෂාවට පෙනි සිටියේ  සාගලලා වජිරලාය. එහෙම ඝාතකයන් වෙනුවෙන් වසර 04 කම උන්ව හුරතල් කරා විතරක් නොවේ වජිර ,සාගල කබීර් හසීම මිනිමරු ගෝඨාගේ සුවදුක් බලන්නත් ගියේ උන් ඉන්නේ ජනතාව ගේ පැත්තේ නොව ඝාතකයන් එක්කම බව රටට නොකියා කියමිනි.

එහෙම කරපු රනිල් ඊයේ නින්දෙන් ඇහැරිලා වගේ එකවැරම සාටකයයි ,ඝාතකයයි මතක් තප්පු ලෑම වසර 04 ක ලොකුම විහිළුව බවයි.

ජනතාව දැන් බලන් ඉන්නේ මේ වසර අවසානයේ රනිල් සමඟ එකට ලඟින පියාබන්න බැරි සමනලුන්ව බෙල්ලෙන් අල්ලා කුණු බක්කියට දමන්නයි. ස්ථිරවම දැන් නම් ජනතාව එ දේ කිරීමට දෙපාරක් නොසිතන බව සහතිකය.

 

හපුආරච්චි


Spread the love

Leave a Comment

You may also like