උණුසුම් පුවත්

එල්ලා මැරීමේ කිසිදු නියෝගයකට ජනාධිපති අත්සන් කර නෑ . මාධ්‍ය වලින් ප්‍රසිද්ධිය ගැනීමට පල්ලෙවත්තේ “පචරාළ ” කල ප්‍රකාශයක්……

Spread the love

පල්ලේවතේ පචරාල නොහොත් ශ්‍රිලංකාවේ අංක එකේ කවටයා වන මෛත්‍රිපාල සිරිසේන පසුගිය ලෝක මත්ද්‍රව්‍ය දිනය වෙනුවෙන් ඒ පිලිබදව පැවති වැඩ සටහනකට එක්ව මාධ්‍ය කරුවන් වෙත දැනුම් දී සිටියේ ….” අපේ හාමුදුරුවනේ මම මේ දැන් මෙතනට පැමිණියේ මත්ද්‍රව්‍ය පිලිබදව සිරගතව සිටින සිරකරුවන් 04 දෙනෙකු එල්ලා මැරීමට අදාල ලිපිවලට අත්සන් කරලයි……”

මෙය සිරිසේන ගේ අමුලික බොරුවකි. ඒ වනවිටත් එල්ලාමැරීමට අදාල කිසිදු කැබිනට් අනුමතියක්වත් සිරිසේනට ලැබී නොමතිව කටට ආව දෙයක් පල්ලේවත්තේ පචරාළ කියා දැමු බව අපි ප්‍රකාශ කරන්නේ ඉතාම වගකීමේනි.

ශ්‍රි ලංකාවේ එදා මෙදා තුර බිහිවු අංක එකේ කවටයා නම මෛත්‍රිපාල මිස අන්කවරෙක්දැයි අනාගතයේ උපදින දෘවන් අසනු ඇත. මෛත්‍රිපාල ජනාධිපති වු පලියට මිනිසුන් එල්ලා මැරීමට කිසිදු අයිතියක් ඔහුට නැත. ඒ පමණක් නොව රටක් ලෙසට වනචාරි යුගයට යනවාද ? නොවෙසේනම් ජන්තාව තුල ආර්ථික ,සාමාජීය ,හා ආධියාත්මික හැදියාවක් ගොඩනගනවාදැයි ලාංකීය පුරවැසියන් සිතා බැලිය යුතුය.

මෛත්‍රිපාල ලෝක යාගේ මෙන්ම රටේ සිංහලයා ගේ අවධානය දිනා ගැනීමට මෙවනි අමුලික බොරුවක් ඇදබා දැන් මෛත්‍රිපාල ගලේ පැහැරු බලලෙක් සේ එය වසාගැනීමට තටමමින් ඇත ඊට ප්‍රධානම හේතු දෙකක් ඇත. යම් ලෙසකට එල්ලා මැරීම සිදුවන්නේ නම් ඊට මුලින්ම පොට්ටු නවුෆ්‍ර ද දෙවනුවට කාන්තාවක් වන මොහොමඩ් පාතිමා යන අයද සිටීමත් ඊටත් වඩා ජාත්‍යනතර ශමා ආයතනය හා එක්සත් ජන්පදය ශ්‍රි ලංකාවට දැඩි අනතුරු ඇගවීමක් කරමින් ශ්‍රි ලංකාව මානව හිමිකම් වලට ගරුකල යුතු බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් දැන් පච රාළ ලෝක අමාරුවක වැටී ඇති බව ඉතාම ප්‍රිතියෙන් අපි ඔබට දැනුම් දෙමු.


Spread the love

Leave a Comment

You may also like