අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක් මත පිහිටි දේවාලයක් ඇතුළත කැණීම් කර නිදන් වස්තු ලබා ගැනීමට තැත් කිරීම හා කුමන්ත්‍රණය කිරීම චෝදනා යටතේ බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිසාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිය වන ඩී.ඒ.ඉන්ද්‍රාණි කුමාරි දිසානායක ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් එම නඩුව ගත් අවස්ථාවේදී අධිකරණයේදී වරද පිළිගනු ලැබූහ.
ඒ අනුව වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හත් දෙනාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී මුදලින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කෙරුවේය.
මෙම සිද්ධියට අදාලව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය උදිත ලියනගේ සහ එම නඩුවේ තවත් සැකකරුවෙකු වූ එම්.පද්මසිරි දිසානායක නම් හිටපු යුද හමුදා නිළධාරියෙකු තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින චෝදනාවන්ට වරද නොපිළිගත් අතර මේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරිණි.