වසර 70 පුරාවටම රජවුයේ බලයට පත්දේශපාලකයා හා උගේ පවුලේ උන්ම බවට කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ.
පසු ගිය වසර දෙස ආපස්සට හැරී බැලුවහොත් රට පෙරට,රට ඉදිරියට ,ආශ්චර්ය මත රටක්, මේ සියල්ලම දේශපාලකයන් ජනතාවට ලස්සනට මැතිරීමට ගන්නා එක්තරා මන්තරයක් කීවොත් එය සත්‍යකි.
එදා ….. මෙදා තුර කිසිදු දෙශපාලක්යකු රට ගැන සිතා කිසිදු තීරණයක් ගෙන නොමති බ්ව කිවයුතුය. නිදහසින් පසු රට දිනපතාම වලපල්ලටම දක්කා ගෙන ගියෝ නම් ඒ ශ්‍රි ලංකාවේ එදා මෙදා තුර දේශපාලනයේ නිරත කාලක්න්නි අවස්ථාවා දී පාලක්යන්ම බව කිවයුතුය.
වසර 70 කි පුරවටම උතුරත් ,දකුණත් විවිධාකාර අලංකාරයට පාටකරමින් ජනතාවට ඒ පාට කන්නාඩි අන්දවා ඒතුලින් අනධ භක්තිකයන් කොට ,
ජනතාව සිහින රැසක අතරමින් කොට පාලකයෝ හා උන් ගේ පවුලවල හත්මුතු පරම්පරාවකම රටේ, ජනතාව ගේ ධනය හා ජනතාව ගේ එකමුතුකම ,ජන්තාව ගේ මිත්‍රත්වය මුන් හොරා කා ජනතාවට ඉතුරුකර දී ඇත්තේ කාලකන්නි වෛරය , අනිකව තලා පෙලා අනිකා මරා තම පාට ,තම පක්ෂයේ එකා රජකරවීමේ මානසිකතවයක පමණි.
මෙන්න මේ නිසාම 2019 වසරේවත් අපි…………………………..
කියන හැගීමෙන් රටේ පාලකයා අපේ සේවක්යකු ලෙසට කුමන පක්ෂයක් ,කුමණ පාටක් වුවත් අපි සියල්ලම ජනතාව ලෙසට එක්ව අපිව ජාති,ආගම් ,කුල පක්ෂ ,පාට බෙදීමකින් තොරව සිට උන්ගෙන් අපි වැඩ ගතයුතු කාලය මේ 71 වන වසරට එලබෙන මොහොතේ සිට අපි කටයුතු කරමු.
එසේනම් ……ලෝකයේ අනිත් රටවල මංත්‍රි මණ්ඩලය තෝරන්නේ ඒ රටේ ජනානුපාතයට අනුවය.
අපේ රට ලබන ජාතික ආදයමෙන් වැඩිම කොටසක් ගිලදමන්නේ කාලකන්නි දෙශපාලක්යන් වු කොටසකි. 2016 වසරේ මේ ලේඛණය බලන්න………
ප්‍රදේශිය සභා මංත්‍රිලා ………………………..8436 කි
වසරක වියදම රුපියල් කෝටි…………….151
පලාත් සභා මංත්‍රිලා…………………………….437 කි
වසරක වියදම …….රුපියල් හකොටි අසුතුන් ලක්ෂයක්………………………………….6,83,00000.00 කි.
මේ වන විට විශ්‍රාමික මංත්‍රිලා ගනන…….700 කි
වසරක වියදම…….. ලක්ෂ ……………………145 කි
1 ඇමතිවරයකුට ………..15 ක කාර්ය්‍ය මංඩලයකි
වසරකට …………………………..රුපියල් කෝටි 14 කි
පාර්ලිමේන්තු මංත්‍රිවරුන්ට සෑම වසරකම දෙන දිමනාව වෙනුවෙන් පමණක්
රුපියල් විසිපන් කෝටියකි………………..රුපි;25,0000000කි.
පාර්ලිමේන්තුවේ මසක විදුලි බිල දළ වශයෙන් රුපියල් ලක්ෂ…… 89
2016 වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ගනන 97 කි.
2016 වසරේ පාර්ලිමේතුවේ සියලුම වියදම
රුපියල් එකසිය හැට එක්කෝටි අනුඅට ලක්ෂයකිරුපි;161,98,00000
2016 වසරේ රටේ මුළු ආදායමෙන් හතරෙන් තුනකම ගිලදමන්නේ මේ පට්ටපල් හොරමුලය .
දැන්ව වත් 2019 වසරේ වත් මෙය තේරුම් ගෙන තම දරුවා ගේ අධයාපනයට ,අහිංසක මිනිසුන් ගේ සුභ සාධනයට වෙන් වන්නේ ඉතාම සොච්චමකි. අපි එකා මෙන් හඩ නගා මේ මහා මනත්‍රි නඩත්තුව සුදුසු සම්මත ගනනකට අඩු කලයුතුය. එසේම ඒ මන්ත්‍රිලා මන්ත්‍රිකම නැතිවු විට කිසිදු විශ්‍රාමික වැටුපපාර්ලිමේන්තු මන්ත්‍රි ඇමති වරු සියල්ලටම එකහා සමාන පඩියක් දිය යුතුය. ඒ වැටුප රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ වැටුපක් පමනක් විය යුතුය. ආරක්ෂක නිලධාරින් දිය යුත්තේ ඒ ඒ පුද්ගලයාට එල්ලවී ඇති තර්ජනමතය. නොදිය යුතුය. එසේම දැන් මේ තිබෙන රථ ගාය මුළු මනින්ම නතරකලයුතුය.
මේවා ජනතාව ඉදිරියට පැමිණ කලයුතුවා මිස දේශපාලකයන් කුමණ් අ පක්ෂයකින්වත් මෙවනි යෝජනා ගෙන නොයන බව ඉර හද මෙන් විශ්වාසය.
2018 වසරේ අපි බත්කන හරක් රැලක් සේ සිටීම ගැන ඔබ ලැජ්ජහ විය යුතුය. 2019 වසරේ වත් අපි එකා මෙන් නැගිට අපි ඉදිරියේ දෙශපාලකයා දණ ගසන යුගයක් අරබමුකියා ජනතාව ගේ පුවත් පතක් ලෙසට අපි යෝජනා කොට ඔබට ඉදිරයටත් ධෛර්ය දෙමු…..
අජිත්………..