උණුසුම් පුවත් උණුසුම් පුවත්

හිටපු ඇමති රාජිතට එරෙහි නඩුව කල් යයි

Spread the love

මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිඳු කරන ලදැයි හිටපු ඇමති රාජිත සේනාරත්‍න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන වර්ෂයේ ජනවාරි 29වන දින නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය පසුගියදා (11)

නියෝග කරන ලදී.

එදින නඩුව කැඳවූ අවස්ථාවේ විත්තකරුවන්‍ට ⁣එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම ඉල්ලන ලද අතර ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි 

ඉදිරිපත් කර තිබු චෝදනා 13 ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. 

2014 වර්ෂයේ අගෝස්තු 01 දා සහ එම වර්ෂයේ 01 දා අතර කාල සීමාව තුළ මෝදර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිඳු කරන ලදැයි චෝ‍දනා කරමින් හිටපු ඇමති රාජිත සේනාරත්න ,ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ,හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් මුණසිංහ යන අයවළුන්ට එරෙහිව දූෂණ හෝ අල්‍ලස් කොමිසම මගින් මේ නඩුව පවරා ඇත.                                                                                                          


Spread the love

You may also like