වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාජබ මන්ත්‍රී නීතිඥ නානායක්කාර ගේ නිවසට පසුගියදා (26)වෙඩි තබන ලද සිද්ධියට සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව වැලිගම පොලීසියෙන් වාර්තා වේ.
සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බව පැවසේ
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි නොවූ අතර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ මන්ත්‍රීවරයාගේ නිවසේ ගේට්ටුවටය.ඒ වන විටත් මන්ත්‍රීවරයාගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා තිබුණ
බවද අනාවරණය වේ.