උණුසුම් පුවත් උණුසුම් පුවත්

හදවත නැති රනිල් මැකෝගෙන් හදවතක් ඉල්ලලා

Spread the love

ස්වාධීන අපේන්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග කිරීමට ඇප මුදල් තැන්පත් කරන ලද ජනපති රනිල් වික්‍රමසිංහට මැතිවරණ ලාංඡනය වශයෙන් හදවත ලකුණ ලබා දීමට ඔහුගේ සමීපතමයන් බරපතල උත්සාහයක නිරතව සිටී.

මෙහිදී ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රබලයකු මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට හදවත ලකුණ ලබා දෙන ලෙසට බලපෑමක් කර ඇති බව අනාවරණය වේ.එහෙත් මැතිවරණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ස්වාධීන මැතිවරණ අපේක්ෂක ලාංඡන අතර හදවත ලකුණ නොමැති බව ප්‍රකාශ කරමිනි.  

ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවයද හදවත ලකුණ ලබා ගැනීමේ සැලසුම තවමත් අත් හැර නැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා අනෙකුත් සාමාජිකයන් හට බලපෑමක් කර එය ලබා ගැනීමට උත්සාහයක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ. 


Spread the love

You may also like