වෙනත් උණුසුම් පුවත්

හොරු අල්ලන්න ගිය රොෂාන්ව මරා දැමීමට සැලැස්මක්

Spread the love

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි රැලියකදී තමන්ගේ ශරීරයට වස ඇතුල් වී ඇති බවත් ජපානයේදී සිදු කෙරුණු පරීක්ෂණ වලදී ඒ බව හෙළි වූ බවත් සඳහන් කිරීම මේ වන විට  මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේද ඔහු තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවත්  පාර්ලීමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම සමයේ ඔහුගේ නිරන්තර විවේචනයට ලක්වූයේ සාගල රත්නායක හා ක්‍රිකට් සභාපති  ෂම්මි සිල්වාය.

එම නිසා රොෂාන් රණසිංහට වස දීම පිළිබඳව  සාගල හා ෂම්මි වගකිවයුතු බවට සැකයක් දැන් ගොඩ නැංවෙමින් තිබේ. 

මෙහිදී රොෂාන්ට කිට්ටුවෙන් සිටි ෂම්මිගේ අග සව්වකු වන නුවරඑළියෙ අශ්ව රේස් වලට හා සීසීසී ක්‍රීඩා සමාජයට සම්බන්ධ අයකු ගැනද සැක පහළ වී ඇත.

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් සීඅයිඩියෙන් ඉල්ලා සිටීමට නුදුරේම රොෂාන් රණසිංහ කටයුතු කරන බව වාර්තා වේ.


Spread the love

You may also like