අදදින මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති රජපක්ෂ ගේ නිවසේ පැවති ඒකාබද්ධයේ ප්‍රධාන පක්ෂ වල සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙය පැවැති විය.
සුලු වේලාවක් ඊට සහභාගි වු මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව තංගල්ල බලා පිටත් විය. මෙහිදි පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබදව බැසිල් රාජපක්ෂ කතාකරමින් දැන් ඇතිවී තිබෙන තත්වය පිලිබදව තමා මුලින්ම කීවේ මෙවන් තත්වයක් ඇති උවහොත් කුමක කරන්නද කියාය.
ඒත් ඒ වෙලාවේ මහින්ද මහත්තයා දැඩි ස්ථාවරයක් සිටිය බැවින් දිගින් දිගටම තමා ඊට විරුද්ධ ව කතා නොකර සිටි බව හෙලි කලේය.
කෙසේ වෙතත් මින් ඉදිරියට අපිට විරුද්ධව ක්‍රියාකරන කිසිම අයෙකුට මැතිවරණ වලදී නාමයෝජනා නොදෙන බව ඉතාම දැඩිව ප්‍රකාශ කරන ලදි.