නාමල් රාජපක්ෂ ගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහට අයත් Lanka Sportsizn සමාගම ඇතුළු රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයන් සදහා කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරයන් කිරීමට දී ඇති අවසරයන් නිත්‍යනුකූල නැති බව නීතිපති සංජය රාජරත්නම් පාර්ලිමේන්තුවට දන්වා ඇති බව වාර්තා වේ.
කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක ව්‍යාපාරික සමාගම් ලියාපදිංචිය පිළිබඳ පසුගිය අවුරුද්දේ ඔක්තෝමබර් මස 27 වන දා රැස් වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡා කර ඇති අතර ඉනි අනතුරුව එහි සභාපති හර්ෂ ද සිල්වා මේ ගැන නීතිපතිවරයාගේ මතය විමසා ඇති අතර එම විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා පාර්ලිමෙින්තුවට මේ පිළිබඳව සඳහන් කර වාර්තාවක් එවා ඇති බව අනාවරණය වේ.
නීතිපතිවරයාගේ එම ලිපියේ සඳහන් වී ඇත්තේ 2021 අංක 21 දරණ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධි විධානයන් පරිදි 2021 ජුලි මස 19 වන දින සිට 2022 ජුලි මස 22 දින දක්වා කාල සීමාව තුළ චයිනා හාබර් ඉන්ජිනයරින් කම්පනි හා කොළඹ වරාය නගරය කොමිසම අතර ඇති වී තිබෙන විද්‍යුත් තැපැල් ලිපි හුවමාරුව අනුව හා ඉහත පනතට යටත්ව Preclous house- Aqua Golf entertainment Unlimited and Event Works- Beach Park Lanka Sportsrizen -Water Sports W 15 Anjal Beach Club- Beach Club Playbook- mini Golf යන පාර්ශවයන් එහි ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා බලය ලත් පුද්ගලයන් නොවන බවට පැහැදිලිව සාක්ෂි ඇති බවය.
එම ව්‍යාපාරික සමාගම්වලට අමතරව එම සමාගම්ද ඇතුළුව දැනට වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු කරමින් සිටින සමාගම් 12 ක නාමාවලියක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නීතිපතිවරයා එම සමාගම්ද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ කොළඹ වරාය නගරය හා ඉන් පිටත ව්‍යාපාරවල නිරත වීමට නිත්‍යනුකූල අවසරය ලත් පුද්ගලයන් හෝ සමාගම්ද නොවන බවය.
නීතිපතිවරයාගේ මෙම වාර්තාව අනුව දැනට කොළඹ වරාය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන පුද්ගලයන් හා සමාගම් එම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේ නිත්‍යනුකූල අවසරයක් නොමැතිව අනීතිකව බව තහවුරු වේ.
කෙසේවෙතත් දැනට කොළඹ වරාය නගරය තුළ අනීතිකව ව්‍යාපාර කටයුතු කරන සමාගම් සියල්ල රාජපක්ෂ පවුලට සම්බන්ධ හා සමීපතම ව්‍යාපාරිකයන් බව හෙළි වී තිබේ.