පසු ගිය දා 118 ටිරාන් අලස් ගේ අමාත්‍යංශයට පැමිණි පණිවුඩයකට ක්‍රියාත්මක් වු පෑලියගොඩ පොලිස් හයිවේ නිලධාරින් එම අවි ආයුධ රැගෙන එනවායැයිකියු වැන් රථයක් පරික්ෂා කොට තිබේ.
මෙම උප පොලිස්පරික්ෂකවරයා විසින් වෑන් රථය නතර කොට පරික්ෂා කිරීමේදි එම ඒම රථය තුල පුද්ගලයන් 03 දෙනෙකු සහ කාන්තාව්ක් සිට ඇත. පසුව වැඩිදුර පරික්ෂාවට තවත් කණ්ඩායනක් රැගෙන එමට දැනුම් දි ඇති මොහු වෑන් රථයේ සිටි කාන්තාවට දුරකථන් ඇමතීම් ලැබී ඇත්තේ ආරක්ෂක ප්‍රධානින්ගෙනි.
පසුව මෙම වැන් රථය මුදා හැර තිබේ. ඒත් මෙම රථය පනගන්වා යන සුදානම් වන විට පාතාලේ පුද්ගලයෙකු රුවන් කුමාරට තර්ජනය කල බවට මිය ගිය රුවන් කුමාර තම බිරිදට පවසා තිබේ.දින කීපයකට පසුව නොච්චියාගම නිවසට ගොස් නැවත රාත්‍රි රාජකාරි වාර්තා කොට රාජකාරි නිමව තනිකඩ භට නිවාසයට පැමිණ වෙඩි තබාගත් බව පොලිසිය කියයි.
ඒත් එම නිලධාරියා සතුව පැය 12ක් රාත්‍රි තම සේවා අවිය තිබී ඇතත් එවනි වෙඩි තබා ගැනීමක් සිදු කොට නොමැත. එසේම මෙම රුවන් කුමාරට වෙඩි වැදි වැටී සිට ඇත්තේ එම භට නිවාසයේ ඉදිරි කොරිඩෝවේය.
මෙය ඉතාම සැක සහිත දෙයක් බවට් බැලූ බැල්මටම පෙනියයි. ඔහු පරික්ෂා කල වැන් රථයේ පැමිණියේ කවුද එම රථය කුමක්ද ? යන්න පොලිසිය හිතාමතාම වසන් කරයි.
ඒත් අපි එ,ම රථය අංකය සොයා ගතිමු. එය අංක සී.ඒ.ජේ.8777 බවට රුවන් කුමාරම සටහන් යොදා ඇත. කෙසේ වෙතත් ඉතාම වගකීම විරහිතව මෙම මරණය පිලිබදව විමර්ෂණය කරමින් තිබේ.